චීනයේ කාර්යභාරය ලෝක සාමයට සහ ආරක්ෂාවට හිතකර සාධකයක්

2018-03-12 09:11:35
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ කාර්යභාරය ලෝක සාමයට සහ ආරක්ෂාවට හිතකර  සාධකයක්

2018 චීන ජාතික සැසිවාර දෙක පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රවීන විදේශ විත්ති විචාරක මොහාන් සමරනායක මහතා දැක්වූ අදහස්.

 


චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බලයට පත්වීමෙන් පසුව චී‍නය ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් සහ බල සම්පන්න රාජ්‍යක්, අන්තර්ජාතික ක්ෂේත්‍රයේදී වැඩි ක්‍රියාකාරිත්වක් සහිත රාජ්‍යයක් බවට පත් කිරීමට පටන් අරන් තියෙනවා. ඒවා තමයි දුෂණය පිටු දැකීම, දිළිදුකම තුරන් කිරීමේ ව්‍යායාමය, අන්තර්ජාතික වශයෙන් දියත් කළ එක් තීරයක් එක් මාවතක් නමැති සුප්‍රකට ව්‍යාපෘතිය හා මෑතකදී මානව හිමිකම් සම්බන්ධයෙන් නව ප්‍රවේශයක් හඳුන්වාදීම වැනි වෙනස්කම්. එවැනි වෙනස්කම් කිරීම සඳහා ශක්තිමත් පාලකයෙක් සැලකිය යුතු කාලයක් බලයේ සි‍ටීම වරදක් වන්නේ නැහැ. එහි අවශ්‍යතාවක් චීනයට තිබෙන බවයි ප්‍රකාශ වන්නේ. පැහැදිලි සාක්ෂි සහිත කාරණය තමයි මෑත දශක කිහිපය තුළ චීනය ඉතා ඉහළ මට්ටමේ ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් සිටිනවා.  ඒ ආර්ථික වර්ධනයේ ප්‍රතිපලයක් ලෙස චීන ජනගහනයෙන් දරිද්‍රතාවයේ පසු වූ බිලියන ගණනක් දිළිදුබවෙන් මුදවා ගැනීමට හැකි වී තිබෙනවා. ඊලගට ඒ වැඩපිළිවෙළෙහි ප්‍රතිඑලයක් වශයෙන් චීනය ලෝකයේ බල සම්පන්න රාජ්‍යයක් බවට පත්වුණා. අද චීනය ලෝකයේ දෙවැනි බලවත්ම ආර්ථිකය බවට පත්ව තිබෙනවා. එය චීන ජනතාවගේ ජයග්‍රහණයක්. අනික් පැත්තෙන් පවත්නා ලෝක රටාව ඇතුළත ලෝකයේ බල තුලනයක් ඇති කිරීමට චීනයේ ඉදිරි ගමන ආධාර වෙනවා. එවැනි බලතුලනයක් අවශ්‍යයි. අප දන්නවා බලවත් රටවල් සෙසු රටවල් තමන්ගේ අණසක යටතේ පවත්වා ගැනීමට උත්සාහ ගන්නවා. ඒ සඳහා ඔවුන් නොයෙක් උපක්‍රම මෙවලම් භාවිත කිරීම දකින්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අන්තර්ජාතික සංවිධාන පවා ඔවුන් තමන්ගේ උවමනා අනුව සකස් කරන්න ගන්නා උත්සාහයන් දකින්න තියෙනවා. ඉතින් චීනය බලවත් රාජ්‍යයක් ලෙස නැගීම එහි බලතුලනයක් ඇති කිරීමට ඉවහල් වෙනවා. එය ලෝක සාමයට, ආරක්ෂාවට වාසිදායක හා හිතකර ප්‍රවණතාවක්.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති