මෙවර කොංග්‍රස් සැසිවාරය සේද මාවත වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රුකුලක්

2018-03-07 14:22:46
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෙවර කොංග්‍රස් සැසිවාරය සේද මාවත වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රුකුලක්

මෙවර කොංග්‍රස් සැසිවාරය සේද මාවත වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රුකුලක්

13 වැනි චීන ජාතික මහජන කොන්ග්‍රසයේ පළමු සැසිය පිළිබදව අදහස් දැක්වු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුෂාර සුබසිංහ මහතා

 

ඇත්තටම චීනය ඉතාම දුෂ්කර කාලයක් ගත කරලා දැන් ඔවුන්ගේ සාශ්‍රීකත්වයේ මුදුන් පෙත්තටම පැමිණ තිබෙනවා. චීනය තාක්ෂණික වශයෙන් මෙන්ම ඉංජිනේරු කාර්යයන් වලිනුත් හිනි පෙත්තටම ඇවිල්ලා. ඔවුන් එතනින් නැවතිලා නැහැ. ඔවුන්ගේ සශ්‍රීකත්වය බෙදා දෙනවා විශේෂයෙන් ලෝකයේ අඳුරුම ස්ථානවල තිබෙන රටවල් වලට. ඒ වගේම ශ්‍රී ලංකාව වගේ දියුණු වීමේ අවස්ථා තිබෙන රටවලට ඔවුන්ගේ සෞභාග්‍යය බෙදා ගනිමින් නව සේද මාවත වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. සේද මාවත වැඩපිළිවෙල ෂී ජින් පිං ජනාධිපතිතුමාගේ සංකල්පයක්. ඔහු තමයි මේ සංකල්පය ලෝකයට ඉදිරිපත් කළේ පළමු වතාවට. අපි  ඉන්නේ ඔවුන්ගේ මුහුදු සේද මාවතේ. ඉතින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල සංවර්ධනයට දායක වෙමින් ඔවුන්ගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. ඒ වගේ ම චීනයේ තාක්ෂණයත් මේ වන විට මුළු ලෝකයට ම ජනප්‍රිය කරමින් යනවා. ඔවුන්ගේ ආර්ථික සෞභාග්‍යය ලොව පුරා විහිදුවමින් තිබෙනවා. මේ සමුළුවේදී වැදගත් තීරණ ගැනෙනවා මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා. ‍ඒ නිසා මෙවර කොංග්‍රස් සැසිවාරය මා දකින්නේ මේ සේද මාවත වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමක් හැටියටයි. 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති