චීන ලක්ෂණ සහිතව ප්‍රතිසංස්කරණ සිදු කිරීමට චීනය පසුබට‍ වෙන්නේ නැහැ -ITN ප්‍රධාන විධායක නිලධාරී

2018-03-05 15:00:21
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ලක්ෂණ සහිතව  ප්‍රතිසංස්කරණ සිදු කිරීමට චීනය පසුබට‍ වෙන්නේ නැහැ -ITN ප්‍රධාන විධායක නිලධාරී


චීනයේ පැවැත්වෙන ප්‍රධාන සැසිවාර දෙක පිළිබඳව චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය සමග විශේෂ සම්මූඛ සාකච්ඡාවකට එක් වෙමින් අදහස් දැක්වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී චන්දන තිලකරත්න මහතා.

 

 “චීන රාජ්‍ය පාලනයේ සුවිශේෂ ලක්ෂණ දෙකක් මම දකිනවා. ඉන් එකක් පැහැදිලි කළොත් චීනයේ මාඕ සේතුං තුමා ගේ විප්ලවයෙන් පටන් ගත්තට පස්සේ දැක්ක විශේෂම ලක්ෂණය තමයි වෙනස්වීමට කැමති වීම. දැන්‍ මේක ඉතා පැහැදිලිව ප්‍රතිරූපනය වෙන්නේ මේ සැසිවාර දෙකෙන්. මොකද හැම අවුරුද්දකම චීනයට වෙනස්කම් ගණනාවක් එකතු කරනවා. මේ වෙනස්කම්වලට පදනම් වෙන්නේ ජනතාව තුළින්ම මතු වන අදහස්.

 

ඒකත් තවත් වැදගත් ලක්ෂණයක් මෙම ප්‍රධාන ලක්ෂණය තුළ තිබෙනවා. මොකද ඔවුන් හැමදාමත් ජන සමීක්ෂණ කරනවා. මේක ඉතාම බිම් මට්ටමේ සිට එන්නේ. සමීක්ෂණවල ප්‍රතිඵල ඒ වගේම ජනතාවගේ අදහස් එක්ක තමයි මෙම වෙනස් වීම් සිදු වන්නේ. එ‍තකොට මෙම සැසිවාර වල පහුගිය කාලේම අප අත්වින්ද කාරණයක් තමයි එතෙක් සාම්ප්‍රදායිකව හෝ ඉතාම දැඩි ලෙස එල්බ සිටි මතවාදයක වුණත්  එය වෙනස් කිරීමට  පසුබට වීමක් නැතිව ඒක වෙනස් කරන එක.

 

මේ වෙනස්වීමේ අනෙක් කාරණය තමයි චීන ලක්ෂණ සහිතව වෙනස් කිරීම. දැන් මෙච්චර කාලයක් චීනය වෙනස් වුණත් ලෝකයේ ඉදිරි පෙල තරගකාරී රටවල් සමග එක පෙලට හිට ගන්නට උත්සාහ කළා වුණත් චීනයට අනන්‍ය වූ ලක්ෂණ චීනය වෙනස් කර ගත්තේ නැහැ. ඉතාම පැහැදිලියි ඔවුන්ගේ සංස්කෘතියේ තිබෙන අනන්‍යතාව සංස්කෘතික ලක්ෂණ ඒ වගේම චීනයේ පෞරාණික ඉතිහාසයෙන් උරුම කර ගත් දේ මේ කිසිවක් වෙනස් නොකර ඒ වෙනස්වීම් සියල්ල චීන ලක්ෂණ සහිතව කිරීම ඉතා වැදගත් කාරණයක්.

 

දැන් පළමුවෙනි කාරණය තමයි ජනතාවගේ සමීක්ෂණවලින් අපි දන්නවා ඕනෑම ඌන සංවර්ධිත රටක ජාතික ධනයෙන් ඉතා විශාල කොටසක්  අපතේ යන්නේ දූෂණ නිසා. චීනය පුරා මේ ලක්ෂණය දකින්න තිබුණා කියා යම් ‍යම් අවස්ථාවල සඳහන් වුණා. පැහැදිලිවම වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වුණේ දූෂණ විරෝධී හඬ නංවමින්. එතකොට ඒ දූෂණ විරෝධී හඬත් එක්කම පහුගිය කාලේ අත්දකින්න ලැබුණා බොහෝ විට අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙමින් දූෂණ කාර්යන්හී නියැළුණු පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම. අධිකරණ ක්‍රියාවලිය ඉතා ඉක්මණින් සිදු වීම ඉතා සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟට අපි රට පුරාම දැක්ක දේ තමයි, වෙළ‍ඳපොලේදීත් ඒ වෙනස්කම දකින්න ලැබුණා. යම් යම් දූෂණවලට හේතු වන කාරණා ක්ෂණිකව වෙළඳපොලෙන් ඉවත්වීම පවා අපට දකින්න ලැබුණා. එය ධනාත්මක දෙයක්. ඒකත් අපි මුළින් සඳහන් කරපු චීනයේ වෙනස්වීමට ඇති කැමැත්ත.

 

දැන් මේ වෙනස්වීමට ඇති කැමැත්තත්  එක්ක  තමයි සාම්ප්‍රදායිකව නිලධාරීවාදයට යටව තිබුණු චීනයේ සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම සමාජවාදී චින්තනයකින් සහ ඒ වගේම කාලීනව ලෝකයේ රටවල් හා සැස‍ඳෙන  ආකාරයට දියුණු වෙන කොට අයථා මාර්ගවලින් මුදල් ගලා යාමට ඇති ඉඩ වහාම වළක්වා සිටීම. ඒක ඉතාම පැහැදිලිව දක්නට තිබුණු ඉතාම හොඳ ලක්ෂණයක් ලෙසට හඳුන්වන්න පුළුවන්.

 

ඒ වගේම තමයි අපි දන්නවා චීනයේ ඉතිහාසය ඉතාම කටුකයි. මම හිතන්නේ ලෝකයේ අනෙක් රටවල් හා සසඳන විට ඉතාම කටුක අත්දැකීම්වලට මුහුණ දුන් පිරිසක් හැ‍ටිය‍ට චීනය හඳුනා ගන්න පුළුවන්. නිදර්ශනයක් හැ‍ටිය‍ට නියඟයම වසර 12 ක් තිබුණා. යුද්ධය නිසා පීඩාවට පත් වුණා. ඒ වගේම සමූලඝාතන සිද්ධ වුණා. නමුත් ඒ සියල්ලකින් නැගිටින්නට ඔවුන් තුළින් මතු වුණු චිත්ත ශක්තිය ඉතා ප්‍රබලව පෙනෙ‍න්නේ මේ චීන ආණ්ඩුක්‍රමය තුළ තිබෙන ඉතා ශක්තිමත් බව කියන එක ඉතා පැහැදිලියි. දැන් ඒක හොඳින් ප්‍රතිබිම්බනය වන අවස්ථාවක් ලෙසට මෙම සැසිවාර දෙක හඳුන්වා දෙන්න පුළුවන්.

 

දැන් අනෙක් කාරණය තමයි ලෝකය ඉතා වේගයෙන් දියුණු වෙනවා. එතකොට තාක්ෂණික කාරණා ඒ වගේම විද්‍යාත්මක කාරණා සමාජ ආර්ථික පාලනය මේ කියන සියළු කාරණා වෙනස් වෙමින් පවතිනවා. මේ වෙනසට සරිලන විදිහට තමුන්ගේ ආර්ථීකය දියුණු කිරීමටත් අති විශාල ජනගහණයක් නඩත්තු කිරීම සඳහාත් අළුත් නිර්මාණශීලිත්වයට ඉඩ දීමත් මම හිතන්නේ කැපී පෙනෙන කාරණයක්.”

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති