ප්‍රවෘත්ති ඉතිරිය

චීන ජනතාව සිහිනය සැබෑ කිරීම සඳහා ඉදිරියට යාමේදී කිසිදු බලවේගයකට ඊ‍ට බාධා කළ නොහැකි බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරය අද (20) පෙරවරුවේ බෙයිජිංහි අවසන් විය. එම සමාප්ති උත්සවයේදී ෂී ජින් පිං මහතා චීන ජනාධිපතිවරයා ලෙසට යළි තේරී පත් වීමෙන් පසු ප්‍රථම වතාවට කතාවක් කරමින් මේ බව සඳහන් කළේ ය.

2018 චීන රාජ්‍ය කාර්ය වාර්තාවේ ස‍ශෝධන 86ක් සිදු වෙයි

 චීන මහජන කොංග්‍රසයේ නියෝජිතයන් සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ සාමාජිකයන්ගේ අදහස් විමසා බලා එම සංශෝධන සිදු කෙරිණ.

විවෘතභාවය තවදුරටත් පුළුල් කරන බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි

ජාත්‍යන්තර වශයෙන් චීනය ක්‍රියාත්මක කරන විවෘතභාවය තවදුරටත් පුළුල් කරන බව චින අග්‍රාමාත්‍යවරයා පවසයි.චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා අද (20) බෙයිජිංහිදී දෙස්-විදෙස් මාධ්‍යවේදීන් අමතමින් මේ බව සඳහන් කළේ ය

චීනය කවර අයුරකින් හෝ ව්‍යාප්තවාදය අනුගමනය නොකරන බව අවධාරණය කෙරේ

චීනය කිසිඳු අවස්ථාවක ව්‍යාප්තවාදය අනුගමනය නොකරන බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.
තම කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම කෙරෙහි පමණක් චීනය අවධානය යොමු කරන බව අද පැවති දෙස් විදෙස් මාධ්‍ය හමුවකදී චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා ප්‍රකාශ කළේය.

චීනයේ නව රාජ්‍ය නායකයාට එතෙර චීන ජනතාවගේ පූර්ණ අනුබලය

චීනයේ නව රාජ්‍ය නායකයාගේ ප්‍රමුඛත්වයෙන් නව ගමනාන්තයක් වෙත ගමන් කිරීමට එතෙර චීන ජනතාව අපේක්ෂා කරති.

චීන රාජ්‍ය මණ්ඩල උප අග්‍රාමාත්‍යවරු හා එහි සාමාජිකයෝ තෝරා ගැනෙති

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයේ 7වැනි පූර්ණ සැසිය අද (19) බෙයිජිංහිදී ඡන්ද විමසීමක් මගින් Han Zheng, Sun Chun lan, Hu Chun hua සහ Liu He චීන රාජ්‍ය මණ්ඩල උප අග්‍රාමාත්‍යවරුන් ලෙසට පත් කිරීමට තීරණය කර තිබේ. එම අවස්ථාවේදී Wei Feng he,Wang Yong, Wang Yi,Xiao Jie සහ Zhao Ke zhi රාජ්‍ය මණ්ඩල සාමාජිකයින් ලෙසට තේරී පත් විය.

අදහස් ඉතිරිය

සජීවී තොරතුරු ආවරණය ඉතිරිය