චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කළ ජාතික උපදේශක චින්තන කිසිලෙසකින්වත් වෙනස් නොකළ යුතු බව අවධාරණය කෙරේ

2018-03-20 15:48:21
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කළ ජාතික උපදේශක චින්තන කිසිලෙසකින්වත් වෙනස් නොකළ යුතු බව අවධාරණය කෙරේ

චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කළ ජාතික උපදේශක චින්තන කිසිලෙසකින්වත් වෙනස් නොකළ යුතු බව අවධාරණය කෙරේ

චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කළ ජාතික උපදේශක චින්තන කිසිලෙසකින්වත් වෙනස් නොකළ යුතු බව අවධාරණය කෙරේ.

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති  ලී චන් ෂු මහතා අද (20) පැවති 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයේ සමාප්ති උත්සවය අමතමින් මේ බව අවධාරණය කළේ ය. දින 16ක් පුරා පැවති එම සැසිවාරයේදී නියෝජිතයන් 3000කට ආසන්න පිරිසක් සමස්ත චීන ජනතාව නියෝජනය කරමින් චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර තිබීම විශිෂ්ට ජයග්‍රහණයකි.

එම සැසිවාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී චින්තනය චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. එය, චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කළ ජාතික උපදේශක චින්තනය බවත් චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ දිගුකාලීන උපදේශක චින්තනය බවත් ලී චන් ෂු මහතා එහිදී කියා සිටියේ ය. එම චින්තනය කිසිලෙසකින්වත් වෙනස් නොකළ යුතු බව හෙතෙම අවධාරණය කළේ ය. චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය වෙනස් නොකළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති