චීන ජනතාව සිහිනය සැබෑ කිරීම සඳහා ඉදිරියට යාමේදී කිසිදු බලවේගයකට ඊ‍ට බාධා කළ නොහැකි බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි

2018-03-20 14:30:15
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනතාව සිහිනය සැබෑ කිරීම සඳහා ඉදිරියට යාමේදී කිසිදු බලවේගයකට ඊ‍ට බාධා කළ නොහැකි බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරය අද (20) පෙරවරුවේ බෙයිජිංහි අවසන් විය. එම සමාප්ති උත්සවයේදී ෂී ජින් පිං මහතා චීන ජනාධිපතිවරයා ලෙසට යළි තේරී පත් වීමෙන් පසු ප්‍රථම වතාවට කතාවක් කරමින් මේ බව සඳහන් කළේ ය.

තමා චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අඛණ්ඩ ලෙස අනුගමනය කොට ජනතාවගේ සේවකයෙකු වශයෙන් ජනතාව විසින් අධීක්ෂණය කරනු ලබන අයෙකු ලෙසට ක්‍රියා කරනු ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

චීනයේ සමස්ත බලය මහජනතාවට හිමි වීම හේතුවෙන් ජනතාවට විශ්වාසය පැවතියහොත් රටේ අනාගතය ශක්තිමත් බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

චීනය වඩා ශක්තියෙන් හා සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණ හා විවෘතභාව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇති බව ද සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික සංවර්ධනයෙන් රටේ පාලන පද්ධතිය හා පාලන හැකියාව නවීකරණය කිරීම ඉදිරියට මෙහෙයවනු ඇති බව ද ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය.

රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කොට සම්පූර්ණ එක්සත්භාවය ඉටු කිරීම සමස්ත චීන ජාතිකයන්ගේ පොදු අපේක්ෂාව බැවින් චීන ජනතාවගේ ස්ථීර අධිෂ්ඨානය, විශ්වාසය හා හැකියාවෙන් රට බෙදීමේ ඕනෑම ක්‍රියා පරාජය කළ හැකි බව ද ඔහු අවධාරණය කළේ ය.

චීන සංවර්ධනය කිසිඳු රටකට තර්ජනයක් නොමැති බව ද හෙතෙම සඳහන් කළේ ය.

චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී නව යුගය සෑම චීන ජාතිකයෙකුට ම අයිති වන බවත් චීන ජනතාව සමගියෙන් පොදුවේ උත්සාහ දැරීමෙන් තම සිහිනය සැබෑ කිරීම සඳහා ඉදිරියට යාමේදී  කිසිදු බලවේගයකට ඊට බාධා කළ නොහැකි බවත් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති