ලී ක චියාං මහතා නැවතත් චීනයේ අග්‍රාමාත්‍ය ධුරයට

2018-03-18 11:09:00
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn



ලී ක චියාං මහතා නැවතත් චීනයේ අග්‍රාමාත්‍ය ධුරයට

ලී ක චියාං මහතා නැවතත් චීනයේ අග්‍රාමාත්‍ය ධුරයට


ලී ක චියාං මහතා 13 වැනි චීන ජාතික මහජන ‍කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේදී චීන අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත් වේ.

13වැනි චීන ජාතික මහජන ‍කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ 6වැනි පූර්ණ සැසිය අද (18) බෙයිජිං මහජන මහ ශාලාවේදී පැවැත්විණ. චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් අග්‍රාමාත්‍යවරයා නම් කරනු ලැබීමෙන් පසුව අදාළ නාම යෝජනාව එම පූර්ණ සැසියට ඉදිරිපත් කෙරිණ. එහිදී ඒ සඳහා ඡන්ද විමසීමක් පවත්වා ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍ය නාම යෝජනාව සම්මත කළේ ය. ඉන් අනතුරුව ෂී ජින් පිං මහතා ජනාධිපතිනියෝගයකට අත්සන් තබමින් ලී ක චියාං මහතා චීන මහජන සමූහණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙසට පත් කර ඇත.

මෙලෙස චීන මහජන සමූහණ්ඩුවේ මධ්‍යම යුධ කමිටු සභාපතිවරයා වශයෙන් ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ එම කමිටුවේ උප සභාපති හා සාමාජිකයන් පිළිබඳ නාම යෝජනාවට අනුව එම පූර්ණ සැසිය ඡන්ද විමසීමෙන් මධ්‍යම යුධ කමිටුවේ උප සභාපති හා සාමාජිකයන් තෝරා පත් කළේ ය.

මේ අතර, 13වැනි චීන ජාතික මහජන ‍කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ 6වැනි පූර්ණ සැසියට එක් වූ 3000ට ආසන්න නියෝජිතයෝ  ඡන්ද විමසීමෙන් චීන ජාතික අධීක්ෂණ කොමිසමේ සභාපතිවරයා, මහජන ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරයා, නීතිපතිවරයා සහ 13වැනි චීන ජාතික මහජන ‍කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයන් තෝරා පත් කළහ.

එම සැසියෙන් අනතුරුව ලී ක චියාං අග්‍රාමාත්‍යවරයා ඇතුළු අලුතින් තේරී පත් වූ එම උසස් නිලධාරීහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්හ.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති