ෂී ජින් පිං මහතා චීනයේ නව රාජ්‍ය නායකයා ලෙසට තේරී පත් වෙයි

2018-03-17 11:13:39
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn



ෂී ජින් පිං මහතා චීනයේ නව රාජ්‍ය නායකයා ලෙසට තේරී පත් වෙයි


13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ පස් වැනි පූර්ණ සැසිය අද (17) පෙරවරුවේ බෙයිජිං මහජන මහ ‍ශාලාවේදී පැවැත්විණ. ජන්ද විමසීමේදී ඒකමතිකව ෂී ජින් පිං මහතා චීන මහජන සමූහණ්ඩුවේ ජනාධිපති, චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම යුධ කමිටු සභාපති ධුරයට තේරී පත් විය.

මීට අමතරව, ලී චැන් ෂූ මහතා 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා වශයෙනුත් වාං චී ෂැන් මහතා චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති වශයෙනුත් එම අවස්ථාවේදීත් තේරී පත් වූහ.

ෂී ජින් පිං මහතා චීනයේ නව රාජ්‍ය නායකයා ලෙසට තේරී පත් වෙයි

පස් වැනි පූර්ණ සැසියේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිවුරුම් දීමේ උත්සවය පැවැත්විණ. එය චීනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිවුරුම් දීමේ ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු චීන නායකයන් චීන ජාතික මහජන කොංග්‍රසයේදී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ ප්‍රථම දිවුරුම් දීමය.

ෂී ජින් පිං මහතා චීනයේ නව රාජ්‍ය නායකයා ලෙසට තේරී පත් වෙයි



ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති