චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය අවසන්

2018-03-15 19:01:35
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය අවසන්

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය අවසන්

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය නිමාවට පත් වෙයි.

අද (15) බෙයිජිංහි මහජන මහ ශාලාවේදී නිමාවට පත් වූ එම සැසිවාරයට චීන ජනාධිපති ෂී චින් පිං මහතා ඇතුළු රාජ්‍ය නායකයෝ එක් වූහ. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ සභාපති වං යං මහතා එහිදී දේශනයක් පැවැත්විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් යුත් බහුපක්ෂ සහයෝගතා හා දේශපාලන උපදේශක සාකච්ඡා ක්‍රමය, චීනයේ මූලික දේශපාලන ක්‍රමයකි. එය ද චීන දේශීය තත්වයන්ට අනුකූලව නිර්මාණය වූ නව ආකාරයේ දේශපාලන ක්‍රමයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයේ ජීවගුණය සහ ෂී චින් පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී චින්තනය, සිය කමිටුව ඉදිරියේදී කටයුතු කිරීම සඳහා වන මඟ පෙන්වීමක් බව හෙතෙම පැවසීය. චීන මහජන දේශපාලන උපදේශක සභාව ජනතාවගේ අවශ්‍යතා සලකා බලා වගකීම් සහගතව කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේ ය.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වැනි ජාතික කමිටුවේ දේශපාලන තීරණ කෙටුම්පත ඇතුළු ලේඛන රැසක් එම සැසිවාරයේදී සම්මත කෙරිණ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති