අධීක්ෂණ නීති කෙටුම්පත තුන්වන වර කියවීම සදහා චීන ජාතික මහජන කොංග්‍රසය වෙත

2018-03-13 18:53:27
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන අධීක්ෂණ නීති කෙටුම්පත තුන්වන වර කියවීම සදහා  අද (13)  චීන ජාතික මහජන කොංග්‍රසය වෙත ඉදිරිපත් කෙරිණ.පක්ෂ නායකත්වය යටතේ අධීක්ෂණ ජාලය මධ්‍යගත කිරීම, එක්සත් කිරීම, බලාත්මක කිරීම හා කාර්යක්ෂම කිරීම එහි අරමුණයි. නව නීතිය චීනයේ අධීක්ෂණ ආයතනවල ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස සැලකෙන අතර එමඟින් දුෂණයට එරෙහි නීතිය සහ රජයේ අධීක්ෂණය මුලික හා උපදේශකාත්මකව ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

12 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ  ස්ථාවර කමිටුවේ උප සභාපති Li Jianguo මහතා පැවසුවේ 13 වැනි ජාතික මහජන කොංග්‍රසයේදී මෙම පණත් කෙටුම්පත විස්තාරණය වෙනු ඇති බවයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක දුෂණයට එරෙහි වැඩපිළිවෙළ මෙම නව නීතියෙන් උසස් කරනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

එම පණත් කෙටුම්පතට අනුව ජාතික, පළාත්, නගර හා කෝරළ මට්ටමින් නව අධීක්ෂණ කොමිසන් පත් කෙරෙනු ඇත. 

රජය හෝ සමාජ සංවිධාන හෝ පුද්ගලික බලපෑම් වලින් තොරව රැකියා ආශ්‍රිත අපරාද ස්වාධීනව අධීක්ෂණය කිරීමේ බලය එම කොමිසන් වලට හිමි වෙයි. 

මීට අමතරව එම පණත් කෙටුම්පතට අනුව රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ කටයුතු අධීක්ෂණය, අල්ලස් ගැනීම්, මුදල් වංචා කිරීම් හා බලය අයුතු ලෙස භාවිත කිරීම්, දුෂිත නිලධාරීන්ට‍ පරිපාලන දඩුවම් පැනවීම හා අපරාද ක්‍රියා අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමු කිරීම වැනි බලතල ද එම කොමිසන් වලට හිමි වෙයි.

චීනයේ පැවැති අධීක්ෂණ ක්‍රමවේදය අනුව කොමියුනිස්ට් පක්ෂයේ විනය කටයුතු පිලිබඳ ජාලයෙන් පක්ෂ සාමාජිකයින් ද, පරිපාලන අධීක්ෂණ ඒජන්සි මගින් සිවිල් සේවකයින් ද අධීක්ෂණය වු නමුත් සැලකිය යුතු රජයේ නිලධාරීන් පිරිසක් අධීක්ෂණය වී නොමැත.

  

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති