පිරිසිඳු සහ අවංක දේශපාලන පරිසරයක් පවත්වා ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි - sinhalese.cri.cn

පිරිසිඳු සහ අවංක දේශපාලන පරිසරයක් පවත්වා ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි

2018-03-11 19:39:24
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පිරිසිඳු සහ අවංක දේශපාලන පරිසරයක් පවත්වා  ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි

නීතියේ පාලනය මත ක්‍රියාකරන ලෙසටද හෙතෙම ප්‍රධාන නිලධාරීන්ට දැනුම් දෙයි. චීන‍ කොමිනියුස්ට් පක්ෂයේ මධ්‍යම කමිටු මහ ලේකම් මෙන්ම මධ්‍යම යුධ කොමිසමේ සභාපතිවරයා ද වන ෂී ජින් පිං මහතා දේශපාලන පරිසරය සවභාවික පරිසරය හා සසඳමින් කියා සිටියේ දේශපාලන පරිසරයද ඉතා පහසුවෙන් දූෂණය විය හැකි බවය. එය යළි පුනරුත්ථාපනය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බව 13 වන ජාතික මහජන කොංග්‍රසයේ  චොන්චින් මහ නාගරික ප්‍රදේශයේ නියෝජිතයන් සමඟ සැසිවාරයට පරිබාහිරව පැවති සාකච්ඡාවකදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. නිලධාරීන් තමන් මෙන්ම තම සම්පූර්ණ පවුලද පිරිසිඳු ව තබා ගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය. මෙම සාකච්ඡාවට සෙසු නායකයන් වන ලී ක ච්‍යන්, ලී චන් ෂු, සහ  චඕ ලී ජී යන මහත්වරුද ‍එක්වූහ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති