13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයේ දෙවැනි පූර්ණ සමුළුව පැවැත්වේ - sinhalese.cri.cn

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයේ දෙවැනි පූර්ණ සමුළුව පැවැත්වේ

2018-03-10 18:15:18
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයේ දෙවැනි පූර්ණ සමුළුව පැවැත්වේ

9වැනිදා පස්වරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවති එම සමුළුවේදී චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය වාර්තාව සහ උත්තරීතර මහජන පැමිණිලි සැපයුම් මණ්ඩලයේ කාර්ය වාර්තාව ඉදිරිපත් කෙරිණ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා එම සමුළුවට එක් වූහ.

මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති චෞ ච්‍යං මහතා ගෙවී ගිය වසර 5 තුළ ප්‍රධාන කාර්යයන් එහිදී වාර්තා කළේ  ය. රටේ ආර්ථික හා සමාජ අඛණ්ඩ හා විධිමත් ලෙස වර්ධනය වීම සහතික කිරීම සඳහා සාධාරණ හා දැඩි ලෙස නීතිය බලාත්මක කොට තිබෙන බව හෙතෙම එහිදී පැවසීය.

ජාතික දේශපාලන ආරක්ෂාව හා සමාජ ස්ථාවරත්වය සහතික කිරීමේහි ස්ථීර ලෙස නිරත වනු ඇතැයි උත්තරීතර මහජන පැමිණිලි සැපයුම් මණ්ඩලයේ සභාපති ස්ඖ චියැන් මින් මහතා එහිදී පැවසීය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති