චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සංවර්ධනය,මානව ප්‍රාග්ධනය සහ නව නිපැයුම් හී වැදගත්කම ගෙන හැර දක්වයි

2018-03-08 16:29:35
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සංවර්ධනය,මානව ප්‍රාග්ධනය සහ නව නිපැයුම් හී වැදගත්කම ගෙන හැර දක්වයි

13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිත සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ග්වන්තුං පලාතේ නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්විය. එහිදී අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා ව්‍යවසථා සංශෝධන කෙටුම්පත තමන් සම්පූර්ණයෙන්ම අනුමත කරන බව පැවසීය. එය  ජාතික මහජන කොංග්‍රසයේ අවධානය‍ට යොමු කර තිබේ. එය චීන ලක්ෂණ සහිත නව යුගයේ සමාජවාදය සංවර්ධනය වෙනුවෙන් චීන කොමිනියුස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුව ගත් ප්‍රධාන තීරණයක් බවද හෙතෙම පැවසීය. එය නීතිය පදනම් කරගත් රාජ්‍ය පාලනය හා චීන පද්ධතියේ නවීකරණය මෙන්ම රාජ්‍ය පාලන ධාරිතාව සඳහා වන වැදගත් පියවරක් බවද චීන ජනාධිපතිවරයා පැවසීය. මෙම සාකච්ඡාවට ලී ක ච්‍යන්, ලී චන් ෂූ, වන්ග් යන්ග්, වන්ග් හු නින්ග් චාඕ ලි ජි  සහ හන්ග් චෙන්ග් යන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෝද එක්වූහ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති