නව යුගයේදී චීන රාජ්‍යතාන්ත්‍රිකත්වය මානව ප්‍රගතියට වඩාත් ධනාත්මක ශක්තිය ලබා දෙන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි

2018-03-08 16:23:33
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව යුගයේදී චීන රාජ්‍යතාන්ත්‍රිකත්වය මානව ප්‍රගතියට වඩාත්  ධනාත්මක ශක්තිය ලබා දෙන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි

චීන විදේශ අමාත්‍ය වං යී මහතා මේ බව සඳහන් කළේ 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයට අදාළ විදේශ අමාත්‍ය මාධ්‍ය හවුවේදී ය.

නව යුගයේ චීන රාජ්‍යතාන්ත්‍රිකත්වය  චීන සංවර්ධනය වෙනුවෙන් මනා විදේශ පරිසරයක් නිර්මාණය කරමින් මානව ප්‍රගතිය‍ට වඩා ධනාත්මක ශක්තිය ලබා දෙනු ඇතැයි බව වං යී මහතා එහිදී පැවසීය.

2018 වසරේ චීන රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල සත්කාර ක්‍රියාකාරකම් හතරක් ප්‍රධාන වශයෙන් ඇතුළත් වන බව හෙතෙම සඳහන් කළේ ය. අප්‍රේල් මාසයේ හයි නැන් පලාතේ පැවැත්වෙන ‍බොඖ ආසියා සාකච්ඡා‍ වාර්ෂික සමුළුව, ජූනි මාසයේ ඡිං තෞහි පැවැත්වෙන ශංහයි සහයෝගතා සංවිධාන නායක සමුළුව, සැප්තැම්බර් මාසයේ බෙයිජිංහි පැවැත්වෙන චීන අප්‍රිකා සහයෝගතා සාකච්ඡා නායක සමුළුව සහ දෙසැම්බර් මාසයේ ශංහයිහි ප්‍රථම වතාවට පැවැත්වෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඉන් ඇතුළත් වන බව වං යී මහතා එහිදී පැහැදිලි කළේ ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති