ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ඉහළ නැංවීම, නව නිපැයුම් ප්‍රවර්ධනය, හිතකර ආර්ථික වර්ධනය හා ජනජීවිත ඉහළ නැංවීම වෙනුවෙන් ඒකාබද්ධ උත්සාහයන් දැරිය යුතු බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි

2018-03-07 15:05:22
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ඉහළ නැංවීම, නව නිපැයුම් ප්‍රවර්ධනය, හිතකර ආර්ථික වර්ධනය හා ජනජීවිත ඉහළ නැංවීම වෙනුවෙන් ඒකාබද්ධ  උත්සාහයන් දැරිය යුතු බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පවසයි

13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරයේ ගුවන්ෂී චුවාන්ග් ස්වායත්තයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සදහන් කළේය. නව යුගයේ චීන ලක්ෂිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං චින්තනයේ මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවද හෙතෙම අවධා‍රණය කළේය. මෙම වසර චීන විවෘතභාවය හා ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සරික වසරය. ප්‍රාදේශීය රජයන් ජාතික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති සාක්ෂාත් කිරීමෙන් නොනැවතී තම ප්‍රාදේශීය අවශ්‍යතාවන්ට හිතකර ව්‍යාපාරික පරිසරයන්ට සරිලන ප්‍රතිඵල දායී ක්‍රියා මාර්ගයන් ගත යුතු බවද චීන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති