13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරය හෙට ඇරඹේ

2018-03-04 16:00:47
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරය 5 වැනිදා සිට 20 වැනිදා දක්වා බෙයිජිංහිදී පැවැත්වීමට නියමිතව තිබේ. දින 15 ක් පැවැත්වෙන මෙම සැසිවාරය චීන ජාතික මහජන කොංග්‍රසය මෑත වසර කිහිපයක් තුළ දීර්ඝ ම කාලයක් පවත්වන න්‍යාය පත්‍ර බහුල ම සැසියකි.

   අදාළ න්‍යාය පත්‍ර දහයක් මෙවර සැසිවාරයට සම්බන්ධ වෙයි. චීන රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, සැලසුම් වාර්තාව හා අයවැය වාර්තාව පරීක්ෂා කිරීම, චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත සහ අධීක්ෂණ නීති කෙටුම්පත පරීක්ෂා කිරීම, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව, චීන ජනතා උපරිමාධිකරණයේ කාර්ය වාර්තාව සහ චීන උපරිම ජනතා පැමිණිලි සැපයුම් මණ්ඩලයේ කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, චීන රාජ්‍ය මණ්ඩලයේ ආයතන ප්‍රතිසංස්කරණ වැඩසටහන පරීක්ෂා කිරීම, චීන රාජ්‍ය ආයතන මණ්ඩලය තෝරා ගෙන ධුරයට පත් කිරීම යනාදිය ඊට ඇතුළත් වෙයි.

එළඹෙන 20 වැනිදා මෙවර සැසිවාරය නිමාවට පත් වීමෙන් පසු, අලුතින් තෙරී පත් වීමට නියමිත චීන අග්‍රාමාත්‍යවරයා දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමු වෙමින් එම අවස්ථාවේදී නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. මෙවර සැසිවාර සමයේ බෙයිජිං මහජන මහ ශාලාවේ පිවිසුම් මාර්ගවල ඇමතිවරුන්ගේ සාමූහික සම්මුඛ සාකච්ඡා පැවැත්වෙන අතරතුර එහි නියෝජිතවරුන්ගේ සාමූහික සම්මුඛ සාකච්ඡා පැවැත්වීම ද විශේෂත්වයකි.

සඳුදා පැවැත්වීමට නියමිත 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාර ආරම්භය සජීවීව ආවරණය කිරීම සඳහා චීන මධ්‍යම රූපවාහිනි සේවය සහ චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය ඇතුළු චීන ජාතික මාධ්‍ය ආයතන කටයුතු සූදානම් කර තිබේ. 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති