චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ පළමු වැනි සැසිවාරය ඇරඹේ

2018-03-03 15:24:40
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ පළමු වැනි සැසිවාරය ඇරඹේ


චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ පළමු වැනි සැසිවාරය ඇරඹේ. එම සැසිවාරය අද (03) පස්වරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ සහ රාජ්‍ය නායකයෝ ඊට සහභාගි වෙති.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ පළමු වැනි සැසිවාරය ඇරඹේ

යූ චෙන්ග් ෂෙන්ග් මහතා මහජන දේශපාලන උපදේශක සභාවේ 12 වැනි ජාතික කමිටුවේ ස්ථාවර කමිටුව නියෝජනය කරමින් මෙම සැසිවාරය වෙත කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය. මහජන දේශපාලන උපදේශක සභාව ගෙවී ගිය වසර පහ තුළ ලබාගත් ජයග්‍රහණයන් මෙන්ම එළඹෙන වසර පහ තුළ රාජකාරි කටයුතු පිළිබඳ උපදෙස් එහි සඳහන් කෙරිණ. චීන මහජන දේශපාලන උපදේශක සභාව පසුගිය වසර පහේ දේශපාලන සාකච්ඡාවලින් උපදෙස් ලබාදීමේ පද්ධතිය පරිපූර්ණ කර ප්‍රජාතන්ත්‍රික අධීක්ෂණ කාර්යය තහවුරු කොට සමගියෙන් සම්බන්ධ වීමෙහි ඉදිරියට ගෙන ගොස් දූත වගකීම සැබෑ කර ගැනීමේ නිපුණතාව ශක්තිමත් කර ඇතැයි යූ චෙන්ග් ෂෙන්ග් මහතා ප්‍රකාශ කළේය.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ පළමු වැනි සැසිවාරය ඇරඹේ


චීන මහජන දේශපාලන උපදේශක සභාව චීන ජනතාවගේ දේශප්‍රේමී එක්සත් පෙරමුණු සංවිධානයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් බහු පක්ෂ සහයෝගතා හා දේශපාලන උපදේශන පවත්වන වැදගත් ආයතනයකි. චීන කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රික පක්ෂ 8ක්, පක්ෂ නොවන පුද්ගලයන්, සිවිල් සංවිධාන, ඒ ඒ සුළු ජාතීන්ට අයත් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජිතයන්, තායිවාන් ප්‍රදේශ, හොංකොං හා මෙකොඕ විශේෂ පරිපාලන කලාප නියෝජිතයන්, චීනයට ආපසු පැමිණි එතෙර චීන ජාතිකයන්ගේ නියෝජිතයන් සහ විශේෂ ආරාධිතයෙන් පැමිණෙන පුද්ගලයන් ඊට ඇතුළත් වෙයි. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුව සාමාජිකයන් 2158 දෙනෙකුගෙන් සමන්විතය. චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් ඉන් සියයට 39.8 පමණය.

මෙවර සැසිවාරය මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ ස්ථාවර කමිටු කාර්ය වාර්තාව, යෝජනා කෙටුම්පත් පිළිබඳ වාර්තාව, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ව්‍යවස්ථාව පිළිබඳ සංශෝධිත කෙටුම්පත මෙවර සැසිවාරයේදී සාකච්ඡාවට ලක් කරමින් පරීක්ෂා කෙරේ. මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ නව නායක මණ්ඩලය තෝරා පත් කර ගැනීමට නියමිතය. එහි සාමාජිකයෝ ද 13 වැනි ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයට එක් වෙමින් රාජ්‍ය කාර්ය වාර්තාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ‍සංශෝධිත කෙටුම්පත ඇතුළු කරුණුවලට සවන් දෙමින් සාකච්ඡා කිරීමට සූදානමින් සිටිති.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ පළමු වැනි සැසිවාරය ඇරඹේ



ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති