චීන ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සරය සැමරීමේ සමුළුව ඇරඹේ

2018-12-18 12:41:36
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
12:41

තම රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනයට දේශපාලන දැඩි අධිෂ්ඨානය මෙන්ම ප්‍රබල හැකියාව හිමි බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. චීන මාතෘ භූමියෙන් අඟලක් වත් වෙන් කිරීමට ඉඩ නොමැති බව හෙතෙම අවධාරණය කළේය.

12:35

චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි පාලනයක් අඛණ්ඩව පවත්වා ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවේදී පෙන්වා දී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාණශීලි හැකියාව, ඒකාබද්ධභාවය හා සටන්කිරීමේ හැකියාව අඛණ්ඩ ලෙස ඉහළ නැංවිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

12:32

විවෘතභාවය අඛණ්ඩ ලෙස ව්‍යාප්ත කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සැමරුම් සමුළුවේදී අවධාරණය කර තිබේ. චීනය අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණ හා යුක්ති සහගත බව සහ සහයෝගතා හා ජයග්‍රහණ හිමි නව ජාත්‍යන්තර සබඳතාව ‍ගොඩනැගීම ඉදිරියට ගෙන යනු ඇති බව හෙ‍තෙම එහිදී පැවසීය. බහුපාර්ශව වෙළඳ ක්‍රමයන්ට චීනය අනුබල දෙමින් වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරනු ඇති බව හෙතෙම සඳහන් කළේය. “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීම වැදගත් කොට සලකමින් චීනය විවිධ පාර්ශව සමඟ ජාත්‍යන්තර සහයෝගතා නව වේදිකාවක් නිර්මාණය කරනු ඇතැයි ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

12:30

චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී ක්‍රියාමාර්ගය, යුගයක පසුපසින් සිටි චීනය ඉදිරියට පැමිණ යුගයක ප්‍රමුඛත්වයා බවට පත් විය හැකි වීමේ මහ මාර්ගයයි. ඒ ක්‍රියාදාමය ස්ථිර ලෙස අනුගමනය කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලෙක්ම් ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. චීනය ප්‍රතිසංස්කරණය කරන්නේ කුමක් ද කෙසේ ද යන්න චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී ක්‍රමය යහපත් කළ හැකි ද වර්ධනය කළ හැකි ද යන්නට අනුකූල විය යුතු අනිවාර්යයකි. ඒ ප්‍රමිතියෙන් ප්‍රතිසංස්කරණය කළ හැකි දේ දැඩි ලෙස සිදු කරන අතර ප්‍රතිසංස්කරණය කළ නොහැකි දේ කෙදිනක හෝ වෙනස් නොකරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් සිව් වැදෑරම් ප්‍රතිපත්ති අනුගමනය කරමින් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයෙහි දැඩි ලෙස එල්බ සිටිය යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

12:12

චීන කොමියුනිස්ට් පක්ෂය, මුල සිට ම ජනතාවගේ සුව පහසු ජීවිත අභිලාෂය අරමුණක් වශයෙන් සැලකිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවේදී සඳහන් කළේය. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය පරිසමාප්ත කරමින් ප්‍රජාතාන්ත්‍රික මාර්ග ව්‍යාප්ත කරමින් ප්‍රජාතාන්ත්‍රික ආකාර සරුසාර කරමින් ජනතාවට නීත්‍යානුකූල ලෙස පුළුල් හා සැබෑ සවිස්තර ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් හිමිවීම සහතික කළ යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. චීන ජනතාවට ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සමාජ හා ජෛව යනාදී විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනීය ප්‍රතිඵල පොදුවේ බෙදා දෙමින් ජනතාවට වඩාත් සෘජු හා වඩාත් ප්‍රායෝගික වර්ධනීය හැඟීම් හිමිකරදිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

12:11

චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කළ වසර 40ක අත්දැකීමෙන් සනාථ වී ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදයෙහි මූලික ම ලක්ෂණය බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. එය චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී ක්‍රමය පිළිබඳ දැවැන්ත ම ශෙ‍්‍රෂ්ඨත්වයයි. චීන ‍කොමියුනිස්ට් පක්ෂය රාජ්‍ය පරිපාලන හා නායකත්ව හැකියාව ඉහළ නංවමින් චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය යන නෞකාව නිවැරදි දිශාව උදෙසා ගමන් කරවීම සහතික කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

11:29

චීන කොමියුනිස්ට් පක්ෂය බිහි කිරීම, චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීම සහ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම හා චීන ලක්ෂණයන් සහිත සමාජවාදය සංවර්ධනය කිරීම පසුගිය 1919 වසරේ සිට සිදුවූ චීනයේ ‍ ඓතිහාසික සිද්ධි තුනක් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කරයි. එය නූතන චීනය යළි සමෘද්ධිභාවයට පත් කිරීමේ ඉතා වැදගත් සංධිස්ඨාන තුනක් බව ෂී ජින් පිං මහතා බෙයිජිංහිදී පැවති ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 40වැනි සංවත්සර සැමරුම් සමුළුවේදී සඳහන් කළේය. 


10:59

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය එම සමුළුවේදී විදේශ මිත්‍රයන් 10 දෙනෙකුට චීන ප්‍රතිසංස්කරණය පිළිබඳ මිතුදම් පදක්කම් පිරිනමයි.

චීනය හා විදේශ රටවල් අතර සහයෝගතා ප්‍රවර්ධනය කිරීමෙහි දීර්ඝකාලීනව නියැළී සිටින ඔවුන් චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය  ව්‍යායාමයට දැක්වූ විශිෂ්ට දායකත්වය එම පදක්කම් පිරිනැමීමෙන්  ප්‍රසංසාවට ලක් කෙරේ.

චීනයේ වෛද්‍ය හා සෞඛ්‍ය වර්ධනයට දායක වූ ඇලේන් මෙරියෙක්ස් සහ චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමෙහි ප්‍රථම විදේශ කර්මාන්ත ශාලාවේ හිමිකරු වර්නර් ගෙරිච්  එම විදේශ මිත්‍රයන්ට ඇතුළත්ය.

10:48

චීනය බෙයිජිංහිදී ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 40වැනි සංවත්සර සැමරුම් සමුළුව අද (18) උදෑසන පවත්වයි . චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, චීන මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා එම සමුළුවට එක් වී ප්‍රධාන දේශනයක් ඉදිරිපත් කරයි.

1978 වසරේ දෙසැම්බර් මස 18වැනිදා චීන කොමියුනිස්ට් පක්ෂයේ 11වැනි මධ්‍යම කාරක සභාවේ 3වැනි පූර්ණ සැසිවාරය පැවැත්විණ.

එම සැසිවාරයේදී ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ ඓතිහාසික තීරණයක් ගැණින. ගෙවී ගිය වසර 40 තුළ චීන සංයුක්ත ජාතික වර්ධන මට්ටම විශාල වශයෙන් ඉහළ නංවා තිබේ. දළ දේශීය නිෂ්පාදිතය වාර්ෂිකව සියයට 9.5කින් වර්ධනය වී ඇත. ඒක පුද්ගල ආදායම 22.8 ගුණයකින් වැඩි විය. දිළිඳු ජනගහණය කෝටි 74කින් අඩු විය. චීනය වසර රැසක් පුරා ම ලෝක ආර්ථික වර්ධනයට දායකවූ අනුපාතය සියයට 30කින් ඉක්මවා ගොස් තිබේ.

ගෙවීගිය වසර 40 තුළ චීන ආනයන හා අපනයන වෙළඳ භාණ්ඩවල සමස්ත වටිනාකම  22.8 ගුණයකින් වැඩි වී තිබේ. චීනය ආකර්ෂණය කොට තිබෙන සමස්ත විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2කට අධිකය. චීනය ලෝක දෙවැනි ප්‍රධානම ආර්ථික ස්වාභාවය, පළමුවැනි දැවැන්ත කර්මාන්ත රට, විශාලතම වෙළඳ රට මෙන් විශාලතම විදේශීය විනිමය සංචිතයක් හිමි රට බවට පත් වී ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති