13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමුවැනි සැසිවාරය ඇරඹේ

2018-03-05 11:58:00
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
11:57 රටේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව ස්ථිර ලෙස ආරක්ෂා කරන බවට චීන රජයෙන් සහතිකයක්

රටේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව ස්ථිර ලෙස ආරක්ෂා කරන බවට චීන රජයෙන් සහතිකයක්

චීනය රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ සංවර්ධන පලප්‍රයෝජන ස්ථිර ලෙස ආරක්ෂා කරයි.

මෙම වසරේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් ප්‍රබල හමුදා ක්‍රියාදාමයෙහි චීනය ස්ථිර ලෙස රැඳී සිටින අතර රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ සංවර්ධන පලප්‍රයෝජන දැඩි ශක්තියෙන් ආරක්ෂා කරන බව චීන රජය චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයට අද (05) ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

ෂී ජින් පිං මහතාගේ හමුදා ශක්තිමත් සංකල්පය ජාතිකාරක්ෂක හා හමුදා සංවර්ධනයෙහි ගත් නායක ස්ථානය තහවුරු කර ගෙන හමුදාව කෙරෙහි පූර්ණ නායකත්වය චීන කොමියුනිස්ට් පක්ෂයට අයිති බව මූලික කර ගනිමින් ජාතිකාරක්ෂක හා හමුදා ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට චීනය සූදානමින් සිටින බව මෙම වාර්තාව පවසයි. 

11:47 පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩ නැගීමට කැපවන බව චීනය කියයි

විවිධ රටවල් සමග එක්ව පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩ නැගීමට චීනය කැමැත්ත පළ කරයි. චීනය සෑම විට ම  සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කරමින් නව ආකාරයේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩ නැගීමට කැප වන බව චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වෙයි. චීනය ගෝලීය කළමනාකරණයට සක්‍රිය ව එක් වෙමින් විවෘත ලෝක ආර්ථිකයක් සංවර්ධනය කරනු ඇත. බලවත් රටවල් අතර සම්බන්ධීකරණය ඉදිරියට ගෙන යාමටත්, අසල්වැසි රටවල් සමග ඇති සුහද සම්බන්ධතා හා පොදු සංවර්ධනය ශක්තිමත් කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සමගිය හා සහයෝගතා වර්ධනය කිරීමටත් චීනය ඉදිරිපත් වන බව එම වාර්තාව පවසයි.

11:36 විවෘතභාවයකින් ගුණාත්මක වර්ධනය ඉදිරියට මෙහෙයවීමට චීනයෙන් ඉහළ දායකත්වයක්

ඉහළ මට්ටමක විවෘතභාවයකින් ගුණාත්මක වර්ධනය ඉදිරියට මෙහෙයවීමට චීනය දායක වෙයි.

අන්තර්ජාතික දැවැන්ත කොරිඩෝ ඉදි කිරීම ප්‍රවර්ධනය කිරීම, අසල්වැසි රටවල් සමඟ පවත්වන සහයෝගතා ශක්තිමත් කිරීම, නිෂ්පාදන ධාරිතාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගතා පුළුල් කිරීම, චීනයේ බටහිර ප්‍රදේශවල, ගොඩබිම් මෙන් ම අසල්වැසි ප්‍රදේශවල පවතින විවෘතභාවය ගැඹුරු කිරීම ඔස්සේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සඳහා වන ජාත්‍යන්තර සහයෝගතා ඉදිරියට මෙහෙයවන බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා අද (05) පැවසීය.

11:32 චීන රජය 2018 වසර සඳහා ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරයි

චීනය ජාතික මහජන කොංග්‍රසය වෙනුවෙන් ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාව මඟින් 2018 වසර සඳහා ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. එම සැලැස්මට අනුව “අන්තර්ජාලය + කෘෂිකර්මය” යන ක්‍රමවේදයට අනුව ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීමට චීන රජය අපේක්ෂා කරයි. බහුවිධ මාර්ගයෙන් ගොවි ජනතාවගේ ආදායම වැඩි කිරීම, ග්‍රාමීය ප්‍රදේශවල ජල අවශ්‍යතා සපුරාලීම, විදුලි හා තොරතුරු සැපයුම් ඇතුළු යටිතල පහසුකම් ඉහළ නැංවීම ඒ අතර ප්‍රධානය. එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මහ මාර්ග කිලෝමීටර් 2 ලක්ෂයක් අලුතින් ඉදි කිරීම මෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම මේ වැඩපිළිවෙලේ තවත් වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකි වේ. 

11:20 වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය වර්ධනයට චීනයෙන් පියවර

වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය චීනය වර්ධනය කරයි.

චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසය අද පරීක්ෂා කරන රාජ්‍ය කාර්ය වාර්තාවේ මේ බව සඳහන් වෙයි. මෙම වසරේ ආනයනය සක්‍රිය ලෙස පුළුල් කරමින් වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය ඉදිරියට ගෙන යාමට චීනය බලාපොරොත්තුවෙන් සිටී.

ප්‍රථම චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීනයේදී පැවැත්වීමට නියමිතය. චීනයේ මෝටර් රථ සහ ඇතැම් දෛනික පාරිභෝජන භාණ්ඩ ඇතුළු වෙළඳ භාණ්ඩ පිළිබඳ ආනයන තීරුබදු පහත හෙලනු ඇතැයි මෙම කාර්ය වාර්තවේ සඳහන් වී තිබේ. කලාපීය පූර්ණ ආර්ථික හවුල්කාරී සබඳතා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කඩිනමින් අවසන් කර ගැනීමට චීනය පියවර ගනී.  ආසියා ශාන්තිකර නිදහස් වෙළඳ කලාපය සහ නැගෙනහිර ආසියා ආර්ථික ඒකාබද්ධ ඒකක සංවර්ධනය වේගවත් කිරීමට චීනය සූදානමින් සිටින බව මෙම වාර්තාව පවසයි. 

11:07 නිර්මාණශීලිත්වයෙන් යුත් රටක් තවදුරටත් බිහි කිරීමට චීනය පියවර ගනී

නිර්මාණශීලිත්වයෙන් යුත් රටක් තවදුරටත් බිහි කිරීමට චීනය පියවර ගනී

නිර්මාණශීලිත්වයෙන් යුත් රටක් තවදුරටත් බිහි කිරීමට චීනය පියවර ගනී.

මේ සඳහා, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල නිර්මාණශීලිත්වයෙන් යුත් වැදගත් ව්‍යාපෘති මාලාවක් ආරම්භ කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පවසයි.

ඔහු 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරය වෙත අද (05) ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ මේ බව සඳහන් වේ.

මේ යටතේ ජන ජිවිතය කෙරෙහි දැඩි අවධානය යොමු විය යුතු ය.

වායු දූෂණය පාලනය කිරීම, පිළිකා ඇතුළු බරපතල රෝග වැළැක්වීම හා ප්‍රතිකාර කිරීම ඊට ඇතුළත් වෙයි.

විද්‍යා හා තාක්ෂණය යොදවා ජනතාවගේ සුභසෙත සැලසීම චීනයේ අපේක්ෂාවක් බව ද ලී ක ච්‍යං මහතා ප්‍රකාශ කළේ ය.

10:43 රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව චීන රජය කියයි



රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව චීන රජය කියයි

රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව චීන රජය කියයි


මහ ජනතාවගේ ක්‍රියාශීලිත්වය හා නිර්මාණශීලිත්වයට මුල් තැන දෙමින් රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව චීන රජය අවධාරණය කරයි. චීන රජය චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ. සිය ප්‍රදේශවල සැබෑ තත්වයන්ට සරිලන ආකාරයෙන් ඉමහත් ධෛර්යයෙන් යුතුව ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස චීන රජය විවිධ මට්ටමේ පළාත් රජයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

10:28 මේ වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.5කින් වර්ධනය වනු ඇති බවට අනාවරණයක්

මේ වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.5කින් වර්ධනය වනු ඇති බවට අනාවරණයක්

මෙම වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.5කින් වර්ධනය වනු ඇතැයි චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් වූ රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ. මෙම වසරේ පාරිභෝගික මිල දර්ශකය සියයට 3කින් වර්ධනය වෙයි. නාගරික හා උප නාගරික රැකියා නියුක්තිය මිලියන 11කින් අලුතින් වර්ධනය වනු ඇතැයි සඳහන් කෙරේ. පරීක්ෂණයට ලක් නාගරික හා උපනාගරික රැකියා වියුක්ති අනුපාතය සියයට 5.5ක් ඇතුළත වනු ඇති අතර ලියාපදිංචි රැකියා වියුක්ති අනුපාතය සියයට 4.5ක් ඇතුළත පාලනය කරනු ඇතැයි එම වාර්තාව පවසයි.

10:16 ලෝකයේ වැඩි ම ජනගහණයක් සහිත මධ්‍යම ආදායම් ලබන පිරිසක් ඇති කිරීමට චීනය සමත් වෙයි

ලෝකයේ වැඩි ම ජනගහණයක් සහිත මධ්‍යම ආදායම් ලබන පිරිසක් ඇති කිරීමට චීනය සමත් වෙයි.

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා අද (05) බෙයිජිංහිදී පැවසුවේ ගත වූ වසර 5 තුළ, 6 කෝටි 80 ලක්ෂයකට වැඩි පිරිසක් දිළිදුකමින් මුදවාගත් බවයි. චීන ජනතාවගේ වාර්ෂික ආදායම් දළ වශයෙන් සියයට 7.4කින් වර්ධනය වී ඇති අතර එය ආර්ථික වර්ධන අනුපාතය ඉක්මවා ගොස් තිබේ. මෙමඟින්, ලෝකයේ වැඩි ම ජනගහණයක් සහිත මධ්‍යම ආදායම් ලබන පිරිසක් චීනයේ දක්නට ලැබෙන බව ලී ක ච්‍යං මහතා සඳහන් කළේ ය.

චීන වැසියන් විදේශ රටවල සංචාරය කළ වාර ගණන 8කෝටි 30ලක්ෂයේ සිට කෝටි 13ක් දක්වා වර්ධනය වී ඇත. කෝටි 90කට අධික පිරිසක් සමාජ විශ්‍රාම රක්ෂණයෙන් ආවරණය වී ඇති අතර මූලික වෛද්‍ය රක්ෂණයෙන් බිලියන 1.35ක් පමණ ආවරණය කර ඇත. ලෝකයේ විශාලතම සමාජ ආරක්ෂණ ජාලයක් ඉන් නිර්මාණය වී ඇති බව ද චීන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

09:45 ගෙවී ගිය වසර 5 තුළ ලෝක ආර්ථික වර්ධනයට චීන‍යෙන් 30%කට වැඩි දායකත්වයක්

ගෙවී ගිය වසර 5 තුළ චීනය ලෝක ආර්ථික වර්ධනය වෙනුවෙන් 30%කට වැඩි දායකත්වයක් ලබා දී ඇතැයි චීන රජය එරට උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ. එම වසර 5 තුළ චීනයේ දළ ‍දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 54 සිට ට්‍රිලියන 82.7ක් දක්වා වැඩි වී තිබේ. එහි වාර්ෂික වර්ධන අනුපාතය 7.1%කි. එබැවින් එම කාලයේ චීන ආර්ථිකය ලෝකයේ සමස්ත ආර්ථික ධාරිතාවෙන් 11.4% සිට 15%ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන් ම ගෙවී ගිය වසර 5 තුළ චීනයේ අයවැය හිඟය 3%කට අඩු මට්ටමින් පාලනය වී තිබෙන බව එම වාර්තාව පවසයි.

 

09:21 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිය ඇරඹේ

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරය ආරම්භ වෙයි.

මෙම සැසිවාරය අද (05) පෙරවරු 9ට බෙයිජිං මහජන මහ ‍ශාලාවේදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් මෙවර සැසිවාරය වෙත රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරයි. ගෙවී ගිය වසර පහ තුළ චීන රජය කළ කාර්යයන් මෙන්ම මෙම වසරේ රාජකාරි වැඩකටයුතු පිළිබඳ යෝජනාව ද ඊට ඇතුළත් වෙයි. එම කාර්ය වාර්තාව 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරේ. 

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති