ජාත්‍යන්තර සංචාරකයින් නැවත පිළිගැනීමට මාලදිවයින තීරණය කරයි

2020-07-16 10:42:17
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දේශසීමාව විවෘත කර ජාත්‍යන්තර සංචාරකයින් නැවත පිළිගැනීමට මාලදිවයින තීරණය කරයි.

විදේශ සංචාරකයින් සඳහා පැමිණීමේ වීසා බලපත්‍ර අයදුම්පත් බාර ගැනීම මාලදිවයින විසින් මාස 4 කට ආසන්න කාලයක් අත්හිටුවා තිබේ.

නව කොරොනා වසංගතය වැළැක්වීමේ සහ පාලන මෙහෙයුම් ශක්තිමත් කිරීමෙන් පසු, මාලදිවයිනේ සංචාරක අමාත්‍යාංශය, වෙළඳපොළ සහ මහජන සම්බන්ධතා සංස්ථාව සහ සීමාසහිත මාලදිවයිනේ ගුවන් තොටුපල සමාගම, ඊයේ(15) ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් පළ කරමින් ප්‍රකාශ කළේ, මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ වී ඇති බවයි.

එරට වැඩබලන සංචාරක අමාත්‍යවරයා එදින පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රට තුළ පරීක්ෂණ සහ උපස්ථ පහසුකම් සලසා ඇති බැවින්, මාලදිවයිනේ සංචාරය කිරීම ආරක්ෂිත බවයි.

නව කොරොනා වසංගතයෙන් සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල වුවද, 2020 වසර තුළ සංචාරකයින් 850,000ක් ආකර්ෂණය කර ගැනීමට මාලදිවයින බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමෙන් මාලදිවයිනේ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් වීම ප්‍රවර්ධනය කළ හැකි බවට ඔහු අපේක්ෂා පළ කළේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති