“ඇමරිකාව තවමත් දුෂ්කර තත්ත්වයෙන් ගැලවී නැහැ” -- ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය

2020-07-15 10:34:26
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකාව තවමත් දුෂ්කර තත්ත්වයෙන් ගැලවී නොමැති බව ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Robert Redfield මහතා ඊයේ(14) පෙන්වා දුන්නේ, පැහැදිලිවම ඇමරිකාව පුරා වෛරසය තවමත් පැතිර යමින් පවතින බවයි. ඇමරිකාවේ තත්වය වසන්ත කාලයට වඩා බෙහෙවින් යහපත් වුවද, දුෂ්කර තත්ත්වයෙන් ගැලවී නොමැත. නව කොරොනා වසංගතය පාලනය කිරීම සඳහා තවත් බොහෝ දුර යා යුතුව ඇතැයි ඔහු සඳහන් කළේ ය.

Johns Hopkins විශ්ව විද්‍යාලයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, අඟහරුවාදා (14) 13:15ට වන විට, ඇමරිකාවේ නව කොරොනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 3,374,654 ක් වන අතර, මරණ සංඛ්‍යාව 135,984කි. ලොව පුරා වසංගත ව්‍යාප්තියේ දරුණුතම රට තවමත් ඇමරිකාවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති