Hua Wei සමාගමේ උපකරණ භාවිතය ප්‍රතික්ෂේප කිරීමෙන්, ආරක්ෂක අවදානමක් ඇති විය හැකි බව, බ්‍රිතාන්‍යයේ BT සන්නිවේදන සමාගම කියයි

2020-07-14 12:39:55
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ Hua Wei සමාගමේ උපකරණ භාවිතය ප්‍රතික්ෂේප කිරීම තුළින්, කෝපය හා ආරක්ෂක අවදානම් ඇති විය හැකි බව, බ්‍රිතාන්‍යයේ BT සන්නිවේදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසයි.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Philip Jansen මහතා ඊයේ(13) ඒ බව සඳහන් කළේ යැයි, බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත වාර්තා කළේ ය.

Philip Jansen මහතා BBC ආයතනය අමතමින් පවසන්නේ, Hua Wei හි උපකරණ බ්‍රිතාන්‍යයේ සන්නිවේදන යටිතල පහසුකම් සඳහා වසර 20ක් භාවිත කෙරුණු බවයි. BT ඇතුළු එරට සන්නිවේදන මෙහෙයවන්නන්ගේ ප්‍රධාන නිෂ්පාදිත සැපයුම්කරුවා වූයේ Hua Wei සමාගම ය. Hua Wei ප්‍රතික්ෂේප කරන්නේ නම්, මිලියන 24ක පමණ වන BT සන්නිවේදන සමාගමේ පාරිභෝගිකයින් වෙනුවෙන් සපයා ඇති සේවාවන් අවිනිශ්චිත තත්වයට පත්වනු ඇති බව ද ඔහු කියා සිටී.

බ්‍රිතාන්‍යය තුළ 5වැනි පරම්පරාවේ අන්තර්ජාල සේවා ගොඩ නැගීමේදී Hua Wei ඉටු කරන කාර්යභාරය ඇතුළු ගැටළු සම්බන්ධ අවසාන තීරණය, බ්‍රිතාන්‍ය රජය විසින් මෙම සතිය තුළ එළි දක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව, එරට මාධ්‍ය වාර්තා කරයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති