ට්‍රම්ප් රජය බලහත්කාරයෙන් විවිධ පාසල් යළිත් විවෘත කිරීමට තීරණය කිරීම වැරදි ක්‍රියාවක් බව ඇමරිකානු පොදු සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති

2020-07-13 10:46:13
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කොරොනා වසංගතය අඛණ්ඩව බරපතල වීම යටතේ, ට්‍රම්ප් රජය බලහත්කාරයෙන් විවිධ පාසල් සරත් ඍතු අධ්‍යයන වාරයේ දී යළිත් විවෘත කිරීමට තීරණය කිරීම, වැරදි ක්‍රියාවක් බව ඇමරිකානු පොදු සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

ඇමරිකානු Johns Hopkins Bloomberg පොදු සෞඛ්‍ය පීඨයේ සෞඛ්‍ය ආරක්ෂක මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරයා ඊයේ(12) එරට මාධ්‍ය අමතමින් ඒ බව පැවසීය. රජය මූල්‍යමය ආධාර ඇතුළු විවිධ පාසල් වලට සහාය ලබා දීම ‘ නිවැරදි ’ ක්‍රියාවකි. එමෙන් ම, ෆෙඩරල් රජයේ හා ජනපදවල පොදු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස පාසල් වලින් ඉල්ලා සිටිය යුතු බව ඔහු සඳහන් කරයි.

COVID-19 වෛරසය පාසල් වල ව්‍යාප්ත වීමේ ‘අවිනිශ්චිතතාව’ තවමත් පවතින බව එම අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවීය. ඉදිරියේ දී සිදු විය හැකි ඕනෑ ම තත්ත්වයකට නිසියාකාරයෙන් මුහුණ දීමට සූදානම් විය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

ඇමරිකානු Johns Hopkins විශ්වවිද්‍යාලයේ නවතව සංඛ්‍යාලේඛණයට අනුව, එරට නැගෙනහිර වේලාවෙන් ඊයේ(12) 17:34 දක්වා, COVID-19 රෝගය තහවුරු කරන ලද ඇමරිකානු සමස්ත ආසාදිතයින් 32,88,788ක් විය. සමස්ත මරණ සංඛ්‍යාව 1,35,118කි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති