ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි මාවතකට ගෙන ඒම සඳහා චීනය සහ ඉන්දියාව සම්මුතීන් ක්‍රියාත්මක කළ යුතු බව,ඉන්දියාවේ චීන තානාපතිවරයා කියයි

2020-07-11 18:34:39
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි මාවතකට ගෙන ඒම සඳහා චීනය සහ ඉන්දියාව සම්මුතීන් ක්‍රියාත්මක කළ යුතු අතර වෙනස්කම් නිසි ලෙස හැසිරවිය යුතු බව,ඉන්දියාවේ චීන තානාපති Sun Wei dong මහතා කියා සිටී.වර්තමාන චීන-ඉන්දු සබඳතා පිළිබඳ වීඩියෝ වැඩසටනකට අදහස් දක්වමින් සිකුරාදා ඔහු සඳහන් කළේ, ද්විපාර්ශ්වික සබඳතා යටපත් වන විට අපගේ නායකයන් දෙදෙනා අතර ඇති එකඟතාවය තදින් වටහා ගැනීම වඩාත් වැදගත් බවයි.නායකයින් දෙදෙනාගේ මග පෙන්වීම අනුගමනය කරන තාක් කල් හා සංවේදී කරුණු නිසි ලෙස හසුරුවන තාක් කල් අභියෝගවලට මුහුණ දිය හැකි බවට ඔහු විශ්වාසය පළ කළේය.

චීන-ඉන්දු දේශසීමා ප්‍රශ්නයේ විශේෂ නියෝජිතයින්, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් මහතා ජුලි 5 වන දින දුරකථනය ඔස්සේ සාකච්ඡා කොට වත්මන් දේශසීමා ප්‍රශ්නය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ධනාත්මක එකඟතාවකට පැමිණ ඇත. එහි මූලික කරුණු කිහිපයක් පැහැදිලි කරමින් Sun Wei dong මහතා පැවසුවේ චීනය සහ ඉන්දියාව ප්‍රතිවාදීන්ට වඩා හවුල්කරුවන් විය යුතු බවයි.

1990 දශකයේ සිට චීනය සහ ඉන්දියාව දෙරට එකිනෙකාට කිසිදු තර්ජනයක් නොවන බවට වැදගත් එකඟතාවකට පැමිණ තිබේ.2018 වසරේ වුහාන් සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා යළිත් වරක් අවධාරණය කළේ දෙරට ම එකිනෙකාට තර්ජන එල්ල කිරීම වෙනුවට සංවර්ධන අවස්ථා ලබා දෙන බවයි.

චීනය සහ ඉන්දියාව අතර ගැටුමකට වඩා දෙරටට ම සාමය අවශ්‍ය බව අවධාරණය කරමින් Sun Wei dong මහතා කියා සිටියේ දෙරට සෑම විටම සමස්ත ද්විපාර්ශ්වික සබඳතා සිහි තබා ගත යුතු බවත්, වෙනස්කම් සුදුසු ස්ථානයක තැබිය යුතු බවත්, වෙනස්කම් මගින් ද්විපාර්ශ්වික සබඳතාවලට බාධා වීමට ඉඩ නොතැබිය යුතු බවත්ය.සහයෝගීතාවයෙන් ජයග්‍රහණ ලබා ගැනීමට දෙරටට ම පූර්ණ හැකියාවක් ඇති බව ද ඔහු පැවසීය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති