චීන-රුසියානු ජනාධිපතිවරුන් අතර දුරකථන සාකච්ඡාවක්

2020-07-08 20:32:54
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

 චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (08) රුසියානු ජනාධිපති Vladimir Putin මහතා සමග දුරකථන සාකච්ඡාවක් පැවැත්වීය. ජාත්‍යන්තර තත්ත්වය සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතින වත්මන් අවධියේ චීනය හා රුසියාව උපාය මාර්ගික හවුල්කරුවන් වශයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය හා සහයෝගිතාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය. රුසියාව සමග එක් ව පෙර සේම ද්විපාර්ශ්වික යහපත ආරක්ෂා කරමින් තමන්ගේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධනය රැක ගැනීමට එකිනෙකාට අනුබල දීමට කැමති බව හෙතෙම පැවසීය. කොරොනා වසංගතයට මුහුණ දුන් දුෂ්කර ම අවධියේ චීනය හා රුසියාව එකිනෙකාට සහය ලබා දෙමින් නව යුගයේ චීන-රුසියානු සම්බන්ධතාව සඳහා උපාය මාර්ගික අන්තර්ගතයන් එක් කර ඇත. අධි තාක්ෂණය, එන්නත් හා ඖෂධ පර්යේෂණය හා ජෛව ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රවල චීනය හා රුසියාව සහයෝගිතාව ශක්තිමත් කරමින් වඩාත් ඉහළ මට්ටමකට ගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

රුසියාව හා චීනය සෑම විටම එකිනෙකාට ස්ථිර ලෙස සහය දෙන බවත්, චීනය සමග පවතින සබඳතාව රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල වැදගත් ම කොටසක් බවත්, Vladimir Putin මහතා කියා සිටියේ ය. චීනය සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩ ව ඉදිරියට ගෙන යාමට රුසියාව කැමැත්තෙන් සිටී. ගෝලීය උපාය මාර්ගික ස්ථාවරත්වය හා ආරක්ෂාව රැක ගැනීම වෙනුවෙන් චීනය සමග ශැංහයි සහයෝගිතා සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධානවල රාමු යටතේ උපාය මාර්ගික සම්බන්ධීකරණය තහවුරු කිරීමට බලාපොරොත්තු වන බව, රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති