චීනය හා ගානාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වන සංවත්සරය වෙනුවෙන් දෙරටේ නායකයෝ සුභ පැතුම් පණිවුඩ හුවමාරු කර ගනිති

2020-07-05 16:12:44
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය හා ගානාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වන සංවත්සරය වෙනුවෙන් දෙරටේ නායකයෝ සුභ පැතුම් පණිවුඩ හුවමාරු කර ගනිති. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට දෙරට ප්‍රායෝගික සබඳතා ශක්කිමත්ව පුළුල් කරමින් ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව චීන ජනාධිපතිවරයා සිය පණිවුඩයේ සඳහන් කරයි. මෑත වසර වල සෑම ආකාර‍යකින්ම දෙරට අතර සබඳතා වර්ධනයෙන් දෙරටේම ජනතාවට දැනෙන සුළු ප්‍රතිලාභ අත්වී ඇතැයි හෙතෙම කියා සිටී.

කොරොනා වසංගතය හටගත් දා සිට, චීනය සහ ගානාව ඇතුළු අප්‍රිකානු රටවල් ඒකාබද්ධව වසංගතයට එරෙහිව සටන් කර ඇති අතර එය චීනය සහ අප්‍රිකාව අතර සහෝදර මිත්‍රත්වය පෙන්නුම් කරයි. ගානා ජනාධිපතිවරයා සිය සුභ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දුන්නේ දෙරටේ පැරණි පරම්පරාවේ නායකයින් චීන ගානා මිත්‍ර සබඳතා ඒකාබද්ධව ආරම්භ කරමින් වර්ධනය කළ බවයි.

COVID-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී චීන ජනාධිපතිවරයා සුවි‍ශේෂී නායකත්වයක් පෙන්නුම් කර ඇති බවද හෙතෙම  සිය සුභ පැතුම් පණිවුඩයේ සඳහන් කරයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති