ඇමරිකානු මාධ්‍ය Minneapolis පොලිස් කෲරත්වය හෙළි කරයි

2020-06-03 18:36:23
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකාවේ NBC මාධ්‍ය ආයතනය සහ The Hill වෙබ් අඩවිය පසුගිය 1වැනිදා පළ කළ වාර්තාවලට අනුව, ඇමරිකාවේ Minneapolis පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය වසර 5ක් තුළ අවම වශයෙන් “බෙල්ල සිර කිරීම්" 237 වරක් භාවිත කර ඇති අතර, අවම වශයෙන් 44 වතාවක් අල්ලා ගත් පුද්ගලයින් එමගින් සිහිසුන් කර තිබේ.

සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම සිහිසුන් කිරීමේ නඩු 44ක් අතර, පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධ නඩු 5 ක් ඇති අතර, ගෘහස්ථ අපයෝජන හෝ ගෘහස්ථ පහරදීම සම්බන්ධ නඩු කිහිපයක් ද තිබේ. නමුත් බොහෝ අවස්ථාවල දී පැහැදිලි ප්‍රචණ්ඩකාරී අපරාධ නොමැත.

පොලිස් විශේෂඥයින් පෙන්වා දුන්නේ, අත් අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයේදී, බෙල්ලේ සිර කර අල්ලා ගැනීම ක්‍රමයක් ලෙස භාවිත කිරීමට අවසර නොමැති බවයි. ඒ පිළිබඳව පොලිස් අංශ තුළ ඉගැන්වීමක් ද සිදු කර නොමැත.

Minneapolis හැරුණු විට, ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල ද පොලිස් ප්‍රචණ්ඩකාරී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම් හේතුවෙන් සිදුවූ මරණ පිළිබඳව වාර්තා වී තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති