රුසියානු මාධ්‍යවේදිනියකට ඇමරිකානු පොලිසිය වෙඩි තැබීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ දැඩි විරෝධය

2020-06-03 16:54:50
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

රුසියානු චන්ද්‍රිකා ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාකාරිණියකට ඇමරිකානු පොලිසිය වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය ජාත්‍යන්තර මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලීමක් කරයි රුසියානු චන්ද්‍රිකා ප්‍රවෘත්ති ඒජන්සියේ නිෂ්පාදිකා නිකොල් රසල් ජුනි 2 දා ධවල මන්දිරය අසල විරෝධතා වාර්තා කරමින් සිටියදී පොලිස් රබර් උණ්ඩ ප්‍රහාරයකින් වෙඩි තබා තුවාල ලැබීය. ඇය සිය මාධ්‍ය හැදුනුම්පත පෙන්වුවද, නිකොල් රසල්ට පොලිසිය විසින් කිහිප වතාවක් වෙඩි තබා ඇති අතර ඇගේ කකුල් සහ පපු පෙදෙසට තුවාල සිදුව ඇත.

රුසියානු විදේශ අමාත්‍යංශය සිය වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ජාත්‍යන්තර හා රුසියානු පුවත්පත් වලට එරෙහිව ඇමරිකානු නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව කෝපයට පත්ව ඇති බවයි. ඇමරිකා රජය ජාත්‍යන්තර නීති සහ වගකීම ප්‍රසිද්ධියේම උළ්ලංඝනය කළ බවත් ජාත්‍යන්තර මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධාන ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවත් රුසියානු විදේශ අමාත්‍යංශය පෙන්වා දෙයි. මාධ්‍යවේදීන් අත්තනෝමතික පොලිස් ප්‍රචණ්ඩත්වයේ ඉලක්ක බවට පත්වීම වැළැක්වීම සඳහා වහාම පියවර ගත යුතු බව රුසියානු විදේශ අමාත්‍යංශය ඇමරිකානු බලධාරීන් ගෙන් ඉල්ලා සිටී .

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති