ප්‍රාන්ත වලට හමුදා යැවීමේ ට්‍රම්ප්ගේ තීරණයට, ඇමරිකාවේ ප්‍රාන්ත රැසක ආණ්ඩුකාවරුන්ගේ විරෝධය

2020-06-03 16:22:32
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ප්‍රාන්ත වලට හමුදා යැවීමට සූදානම් වීමේ ට්‍රම්ප්ගේ තීරණය, ඇමරිකාවේ ප්‍රාන්ත රැසක ආණ්ඩුකාවරු ප්‍රතික්ෂේප කරති.

විවිධ ප්‍රාන්තවලට පෙළපාලි තත්වය ඵලදායී ලෙස පාලනය කළ නොහැකි නම්, ෆෙඩරල් රජය සෘජුවම ප්‍රාන්තවලට හමුදා යෙදවීම පිළිබඳව සලකා බලන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 1වැනිදා විවිධ ප්‍රාන්ත වෙත කියා සිටියේය.

ඔහුගේ එම ප්‍රකාශයට බොහෝ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරු විරුද්ධ වූහ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පෙළපාලි වල තත්වය වඩාත් නරක අතට හැරවීම පමණක් යැයි, Jay Illinois ප්‍රාන්තයේ ආණ්ඩුකාර J.B.Pritzker මහතා පැවසීය. ෆෙඩරල් රජයට ප්‍රාන්ත රජයේ අවසරයකින් තොරව හමුදා යැවිය නොහැකි බව ද, හෙතෙම සඳහන් කළේය.

ගැටළු විසඳීමට හැකියාවක් නොමැති බව ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් යළිත් වරක් තහවුරු වන්නේ යැයි Washington ප්‍රාන්තයේ ආණ්ඩුකාර Inslee මහතා ට්‍රම්ප් විවේචනය කරමින් ප්‍රකාශ කළේය.

Texas ප්‍රාන්තයේ ආණ්ඩුකාර Greg Abbott මහතා ද ඊයේ (2) අවධාරණය කළේ, ෆෙඩරල් රජයේ මැදිහත් වීමෙන් හමුදා යැවීම සිය ප්‍රාන්තයට අවශ්‍ය නොවන බවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති