බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් 7දෙනෙකු හොංකොං හි කටයුතු වලට මැදිහත් වීම පිළිබඳව චීනයේ දැඩි විරෝධය

2020-06-03 16:11:52
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම්වරුන් 7දෙනෙකු ඒකාබද්ධ ලිපියක් එරට අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරමින්, චීනයේ හොංකොං හි කටයුතු වලට මැදිහත් වීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.

පසුගිය දා, බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් Sir Malcolm Rifkind මහතා අනෙකුත් හිටපු විදේශ ලේකම්වරුන් සමග එක්ව එරට අග්‍රාමාත්‍ය Boris Johnson මහතාට ලිපියක් යොමු කරමින්, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කටයුතු වලට ඇඟිලි ගැසීය. ජී-7 සමුළුව වෙත හොංකොං ගැටළුව ඉදිරිපත් කරන ලෙස, ඔවුහු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. පසුගිය සියවසේ Yugoslavia ගැටළුව නිරාවරණය කළ ආකාරයට, ඒ හා සමාන ජාත්‍යන්තර සම්බන්ධීකරණ කණ්ඩායමක් ස්ථාපිත කර හොංකොං කටයුතු අධීක්ෂණය කිරීම ඔවුන්ගේ අරමුණයි.

බ්‍රිතාන්‍යයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකවරයා ඊයේ(02) මාධ්‍යවේදීන් අමතමින් ඊට දැඩි ලෙස විරෝධය පළ කළේ ය. බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම්වරුන් 7දෙනා, හොංකොංහි ජාතික ආරක්ෂණ නීතිය සම්පාදනය කිරීමට අතපෙවීමට උත්සාහ දැරූ බව ඔහු පැවසීය. මෙය හොංකොං කටයුතු වලටත් චීනයේ අභ්‍යන්තර කටයුතු වලටත් දැඩි මැදිහත් වීමකි.

හොංකොං නැවත චීනයට එක් වීමේ සත්‍යය මනා ලෙස අවබෝධ කර ගනිමින්, සෙසු රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීමේ මූලධර්මය සැබෑ ලෙස පිළිපදින ලෙස, චීනය ඊට අදාළ බ්‍රිතාන්‍ය දේශපාලනඥයින් ගෙන් ඉල්ලයි. ඕනෑ ම ආකාරයකින් හොංකොං කටයුතු වලට මෙන් ම චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම නතර කරන ලෙස ද බ්‍රිතාන්‍යයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති