මුළු ලෝකය කොරොනා වෛරසය සමග සටන් වැද සිටියදී, ඇතැම් රටවල් වෛරසය දේශපාලනීකරණය කිරීම , ජගත් ප්‍රජාවේ පුළුල් අවධානයට

2020-06-02 19:29:51
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මුළු ලෝකය නව කොරොනා වෛරසය සමග සටන් වැද සිටියදී, ඇතැම් රටවල් චීනයට අපහාස කරමින් වෛරසය දේශපාලනීකරණය කිරීම , ජගත් ප්‍රජාවේ පුළුල් අවධානයට ලක් වී ඇත. විශේෂයෙන් ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් අහේතුකව චීනයට එරෙහිව නැගූ පැමිණිලි වලට තාර්කික ලෙස මුහුණ දෙමින්, චීනයට ජගත් සාධාරණ හා නෛතික පටිපාටිය ආරක්ෂා කළ හැකි බවට, ජගත් නීති විශේෂඥවරු අදහස් පළ කරති.

වසංගතය හේතු කොට ගෙන චීනයෙන් වන්දි ඉල්ලීම, සිය වරද හා වගකීම් අන් රටකට පවරා දීමට ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් දැරූ උත්සාහයක් බවත්, එහි කිසිදු සාධාරණත්වයක් නොමැති බවත්, එක්සත් ජාතීන්ගේ ජගත් නීති කමිටු සාමාජික හුවාන් හුයිකාං මහතා පෙන්වා දෙයි.

චීනය, වසංගත තත්ත්වය මූලික වශයෙන් පාලනයට ලක් කිරීමට සමත් වූ ප්‍රථම විශාල රට බවත්, චීනයට අපහාස කිරීමේ ප්‍රකාශ හා ක්‍රියා, ජගත් ප්‍රජාවේ ප්‍රධාන බලවේගය නොවන බවත්, චීන දේශපාලන හා නීති විද්‍යා විශ්ව විද්‍යාලයේ මහචාර්ය හෝ චෙන්ග් ෂින් මහතා කියා සිටියේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති