ඇමරිකාවේ Los Angeles නගරයට ඇඳිරි නීතිය

2020-05-31 17:00:16
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ප්‍රාදේශීය වේලාවෙන් සෙනසුරාදා රාත්‍රී 8 සිට Los Angeles නගරයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව, නගරාධිපති Eric Garcett නිවේදනය කරයි.ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, නිදහසේ කතා කිරීමේ සහ ප්‍රචණ්ඩත්වයට හෝ විනාශකාරී ක්‍රියාවන්ට බිය නොවී ජීවත් වීමේ ඇති අයිතිය සැමවිටම ආරක්ෂා කරන බවයි.

පෙලපාලිකරුවන්ට, නීතිය ක්‍රියාත්මක කරන්නන්ට සහ Los Angeles හි සියලුම පුරවැසියන්ට ආරක්ෂාව වැඩි කළ බව ඔහු පැවසීය.

අප්‍රිකානු ඇමරිකානුවන් ඉලක්ක කර ගත් පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව එක්සත් ජනපදයේ දෙවන විශාලතම නගරය වන Los Angeles හි සිව්වන දිනයටත් ඊයේ විරෝධතා පැවැත්විණ.

පොලිසිය විසින් නිරායුධ කළු ජාතිකයෙකු වූ George Floyd ඝාතනය කිරීම හේතුවෙන් පසුගිය සඳුදා එම විරෝධතා ආරම්භ විය

සිකුරාදා රාත්‍රියේ ලොස් ඇන්ජලීස් නගරයේ ඇති වූ නොසන්සුන්තාවයකින් ව්‍යාපාර කිහිපයක් කොල්ලකෑමට හා හානිවලට ලක් වූ අතර එය අවසන් වූයේ 530 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් සහ පොලිස් නිලධාරීන් හය දෙනෙකු තුවාල ලැබීමෙනි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති