ඇමරිකාවේ මිනෙසොටා ජනපධයේ හදිසි තත්ත්වයක්

2020-05-29 16:11:36
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


ඇමරිකාවේ මිනෙසොටා ජනපධයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.පොලිස් අත් අඩංගුවේදී එහි පුද්ගලයෙකු මිය ‍යාමෙන් පසු ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය අරමුණ වී ඇත.

තමාට හුස්ම ගැනීමට නොහැකි බවට කිහිප වරක්ම අයැද සිටියද සුදු ජාතික පොලිස් නිලධාරියෙකු සිය දණ හිස ප්‍රදේශයෙන් ‍ෆලයොඩ් නැමති 40 හැවිරිදි කළු ජාතික පුද්ගලයා ගේ ගෙල පෙදෙස සිර කර ගෙන සිටීමෙන් ඔහු‍ ගේ මරණය සිදුව තිබේ. විරෝධතාවන් ගෙන් පසු නීතිය හා සාමය පවත්වා ගෙන යාමට ජාතික ආරක්ෂක බලමුළුව ද කැඳවා තිබේ. කලහකාරී‍ ලෙස හැසිරුණු විරෝධතාකරුවෝ ගිනි තැබීම් සිදු කරමින් ව්‍යාපාරික ස්ථාන කොල්ලකෑමහි ද නිරත වූහ.මිනෙපොලිස් නගරාධිපතිවරයා සඳහන් කළේ නගරය යළි ගොඩනැංවීම,නීති පද්ධතිය යළි ගොඩනැංවීම හා නීති නියාමකයන් හා පුරවැසියන් අතර සබඳතාව යළි ගොඩනැංවිය යුතු බවයි. බදාදා දිනයේ සාමකාමීව පැවති උද්ඝෝෂණයන් වෙඩි තැබීම් හා ගිනි තැබීම් දක්වා වර්ධනය වූ අතර ගොඩනැගිලි 30 කට පමණ ගිනි තබා තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති