චීන සැසිවාර දෙක ජගත් ප්‍රජාවේ ප්‍රශංසාවට

2020-05-28 11:28:35
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන සැසිවාර දෙක ජගත් ප්‍රජාවේ ප්‍රශංසාවට ලක් වේ.

මෑතක දී පැවති චීන සැසිවාර දෙක කෙරෙහි ජගත් ප්‍රජාව අඛණ්ඩව අවධානය යොමු කරති. පෝලන්තයේ වෝසෝ විශ්වවිද්‍යාලයේ චීන අධ්‍යයන විශේෂඥ Bogdan Góralczyk මහතා පැවසුවේ, මෙවර සැසිවාර දෙක තුළ දී, සංවර්ධන ක්‍රමය පරිවර්තනය කිරීම, දේශීය පාරි‍භෝගික ඉල්ලුම පුළුල් කිරීම හා නිර්මාණශීලිත්වය යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. සංවර්ධන ක්‍රමය පරිවර්තනය කිරීමේ දිශාව වෙත ගමන් කරමින්, පසුගිය කාලයේ වර්ධනය හා පුළුල් කිරීමට ප්‍රමුඛත්වය දීමේ ක්‍රමය, චීනය අත්හරින බව සැසිවාර දෙකේ දී අවධාරණය කෙරිණ. “සුවපහසු සමාජය” යන නව සංවර්ධන ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ ගාමක බලවේගයක් බවට පත් වන බව ඔහු පැවසීය.

තායිලන්තයේ චීන පොදු වාණිජ මණ්ඩලයේ උප සභාපති Li Guixiong මහතා පැවසුවේ, චීන රාජ්‍ය කාර්ය වාර්තාවෙන් චීන සංවර්ධන විශ්වාසය හා දීප්තිමත් අනාගතය පිළිබිඹු වන බවයි. චීන ජනතාවගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය සඳහා ගාමක බලවේගය ලෙස දෙස් විදෙස් චීන ජාතිකයින්ගේ උත්සාහය ඉන් දිරිමත් කෙරේ. කොරොනා වසංගතය මධ්‍යයේ චීනය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරලීමේ අත්දැකීම් හා ප්‍රතිඵල ‍සෙසු රටවලට ආදර්ශයක් ලෙස ගත හැකි අතර, ගෝලීය ආර්ථිකය යථා තත්ත්වය පත් කිරීමට ද එය උපකාරී වන බව Li Guixiong මහතා පෙන්වා දුන්නේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති