චීන ආර්ථිකය ගැන විදේශ මාධ්‍යයන්හී සුභවාදී අදහස්

2020-05-27 15:00:57
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජාත්‍යන්තර මාධ්‍ය මේ දිනවල චීනයේ සැසිවාර දෙක සහ චීන ආර්ථිකය කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරයි.

චීනය හැරුණු විට, යමක් ගොඩනැගීමට අවශ්‍ය සෑම දෙයක්ම පාහේ සොයාගත හැකි රටක් ලෝකයේ නොමැති බවත් සෙසු රටවල් වැඩි වැඩියෙන් චීනය මත යැපෙන බවත් ඇමරිකානු CNBC ආයතනය අදහස් කරයි.

වසංගතය වෙනස්කම් රැසක් මතු කර ඇතත්, චීන ආර්ථිකයේ දිගුකාලීන මනා සංවර්ධන ප්‍රවණතාව වෙනස් කිරීමට ඊට නොහැකි වනු ඇතැයි චීන ආර්ථික ක්ෂේත්‍රයේ මතය පිළිගනිමින් සිංගප්පූරු zaobao පුවත්පත වාර්තා කර ඇත.

චීනයේ වෙළඳපල ඉහළ ප්‍රමුඛත්වය හා දේශීය ඉල්ලුම් විභවය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගැනීම කැපී පෙනෙන අතර චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ගැඹුරු කිරීමට ජගත් ප්‍රජාව බලාපොරොත්තු වන බව ප්‍රංශ ජාත්‍යන්තර ගුවන් විදුලිය වාර්තා කරයි.

නව කොරොනා වසංගතයේ බලපෑම චීන ආර්ථිකයට කෙටිකාලීන වන අතර විවෘතභාවය අඛණ්ඩව ව්‍යාප්ත කිරීම චීන වෙළඳපොළ කෙරෙහි විදේශීය ආයෝජකයින් තබන විශ්වාසය වැඩි කරනු ඇතැයි රුසියා පුවත්පතක් අවධාරණය කරයි.

චීනය සිය ආර්ථික අවධානය අපනයනයේ සිට පරිභෝජනය කරා පරිවර්තනය කිරීමෙහිලා විශාල සාර්ථකත්වයක් අත්කර ගෙන තිබේ. ඕස්ට්‍රේලියාව සහ සෙසු සංවර්ධිත ආර්ථිකයන්, ඔවුන්ගේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් ගෝලීය ආර්ථික වර්ධනය සාක්ෂාත් කිරීම සඳහා චීනය මත දිගටම විශ්වාසය තබනු ඇති බව ඕස්ට්‍රේලියා Sydney Morning Herald පුවත්පත කියා සිටී.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති