චීන ජාතික සැසිවාර දෙක පිළිබඳ අප්‍රිකානු විවිධ ක්ෂේත්‍රවල අවධානය

2020-05-24 15:39:27
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මේ වසරේ චීන ජාතික සැසිවාර දෙක සමස්ත ලෝකයේ අවධානයට ලක් ව ඇති අතර අප්‍රිකාවේ සෑම තරාතිරමකම පුද්ගලයින්ගේ අවධානය සහ අපේක්ෂාව ද ආකර්ෂණය කර ගනිමින් පවතී.

දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා හා සහයෝගීතා දෙපාර්තමේන්තුවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ගර්ට් ග්‍රොබ්ලර් මහතා අඩ සියවසකට ආසන්න කාලයක් තුළ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වී ඇත. පසුගිය 22 වන දින ඔහු චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකු අමතමින් පෙන්වා දුන්නේ චීන ආර්ථිකයේ දිගුකාලීන සංවර්ධන ප්‍රවණතාව වෙනස් නොවන බවයි.

මොරොක්කෝවේ අප්‍රිකානු-චීන සහයෝගීතා හා සංවර්ධන සංගමයේ සභාපති නසාර් බුෂිබා මහතා ඊයේ (23) කියා සිටියේ සිය රටේ විවිධ පර්ෂද “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහනට ක්‍රියාකාරීව ප්‍රතිචාර දක්වමින් චීනය සමඟ ඇති ගැඹුරු සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති බවයි.

මේ වසරේ සැසිවාර දෙක චීනයේ අප්‍රිකානු තානාපතිවරුන්ගේ අවධානයට ද ලක්ව තිබේ. සෙනෙගාල තානාපති මාමදූ එන්ඩියේ මහතා වඩාත් සැලකිලිමත් වනුයේ ගෝලීයකරණය සහ බහුපාර්ශ්වවාදය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීනය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති වෙතමයි.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති