චීන සැසිවාර දෙක ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට ලක් වෙයි

2020-05-22 15:41:47
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීන සැසිවාර දෙක ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට ලක් වේ.

‍බොහෝ රටවල දේශපාලකයන් හා විද්වතුන් ප්‍රකාශ කළේ මෙවර විශේෂ සමයේ පැවැත්වෙන සැසිවාර දෙක ඔස්සේ 13 වැනි පස් අවුරුදු සැලැස්ම සම්පූර්ණ කිරීම හා කොරොනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉදිරි මග පෙන්වනු ඇති බවයි.

නේපාල මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Agni Prasad Sapkota මහතා පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ ප්‍රථමයෙන් ම වසංගත අභියෝගයට ප්‍රතිචාර දක්වන රටක් ලෙස චීනය කොරොනා වසංගතයට ‍‍එරෙහි සටනේදී මෙම අදියරේ ජයග්‍රහණය ලබා ගැනීමෙන් පසු ‍සෙසු රටවලට සහය ලබා දීමට උත්සාහ දරමින් සිටින බවයි.

පාකිස්ථානයේ ජාතික විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ චීන අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානයේ උප අධ්‍යක්ෂ Zamir Awan මහතා ‍ප්‍රකාශ ක‍ළේ වර්තමානයේ ගෝලීය ආර්ථිකය දුර්වල තත්ත්ව‍යක පැවතීම යටතේ මෙවර සැසිවාර දෙක පැවැත්වීම චීන ආර්ථික හා ලෝක ආර්ථික පුනරුත්ථාපනයට දැවැන්ත අර්ථයක් තිබෙන බවයි.

කොරොනා වසංගතයට එරෙහි සටනේ මෙවර අදියරේ දී චීනය ජයග්‍රහණය ලබා ගැනීම, සැසිවාර දෙක පැවැත්වීමෙන් පෙන්නුම් කළ හැකි බව ඉතාලියේ නව සේද මාවත ප්‍රවර්ධන සංමගයේ සභාපති Malin Joe මහතා විශ්වාසය පළ කළේය. සැසිවාර දෙක පැවැත්වෙන සමය තුළ ගන්නා තීරණ හා තොරතුරු චීනයට හා ලෝකයට විශාල බලපෑම සිදු වනු ඇතැයි හෙතෙම කියා සිටියේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති