සර්බියාවට සහය දක්වන චීන වෛද්‍ය කණ්ඩායමට එරට ඉහළම ගෞරව පදක්කම

2020-05-01 15:52:15
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සර්බියානු වේලාවෙන් ඊයේ (30) උදෑසන 9ට එරටට ආධාර කිරීම සඳහා එහි පැමිණි චීන වෛද්‍ය කණ්ඩායමට සර්බියානු ආරක්ෂක ඇමති Aleksandar Vulin මහතා ඉහළම ගෞරව පදක්කම පිරිනැමීය. නව කොරොනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සර්බියාවට උපකාර කිරීමේදී ඔවුන්ගේ කැපී පෙනෙන දායකත්වය සහ වෙහෙස අගය කිරීම, එහි අරමුණයි.

නව කොරොනා වසංගතය පරාජය ගැනීමේදී සර්බියාව සහ චීනය අතර මිත්‍රත්වය වානේ මෙන් වඩාත් ශක්තිමත් වී ඇති බව, Vulin මහතා එහිදී සිදු කළ දේශනයෙන් පෙන්වා දුන්නේය. දුෂ්කරම අවස්ථාවේදී චීනය සර්බියාවට දැක්වූ සහයෝගයට ස්තූති කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සමස්ත වෛද්‍ය කණ්ඩායමේ සේවය පිළිගැනීමක් එම පදක්කම මගින් සංකේතවත් වන බව, සර්බියාවේ චීන වෛද්‍ය කණ්ඩායමේ නායක පෙන්ග් ෂි කියැන්ග් මහතා සඳහන් කළේය. අදාළ පියවර තවදුරටත් වැඩිදියුණු කළහොත්, වසංගතය මර්දනය කිරීමේදී සර්බියාව යුරෝපයේ ආදර්ශයක් බවට පත් වනු ඇතැයි විශ්වාස කෙරෙන බව ඔහු පැවසීය.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති