චීන ‍වෛද්‍ය කණ්ඩායමක් සර්බියාවට

2020-03-22 17:40:01
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ‍වෛද්‍ය කණ්ඩායමක් සර්බියාවට ලඟා වෙයි.

නව කොරොනා වෛරසයට එරෙහි අත්දැකීම් සහිත එම වෛද්‍ය කණ්ඩායම සර්බියාවට පිටත්කර යවා ඇත්තේ එරට කොරොනා වසංගතයට එරෙහි සටනට සහාය දීම සඳහායි.

6 දෙනෙකුගෙන් සමන්විත මෙම වෛද්‍ය කණ්ඩායම බෙල්ග්‍රේඩ් ගුවන්තොටුපළේදී සර්බියානු ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා හා ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු රජයේ නියෝජිතයින්ගේ උණුසුම් පිළිගැනීමට ලක්විය.

සර්බියාවට ටොන් 16 ක හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් චීනයෙන් පරිත්‍යාග කිරීමට නියමිත අතර එහි පළමු තොගය මෙම වෛද්‍ය කණ්ඩායම සමඟ පිටත් කර යවනු ලැබීය.

එම වෛද්‍ය සැපයුම්වල දෙවැනි තොගය ඉදිරියේදී සර්බියාවට ලඟා වීමට නියමිතයි.

මෙම දුෂ්කර අවස්ථාවේ චීනය දක්වන සහාය පිළිබඳව චීන ජනාධිපතිවරයාටත්, චීන ජනතාවටත් සිය ස්තූතිය පළ කරන බව චීන වෛද්‍ය කණ්ඩායම පිළිගනිමින් සර්බියානු ජනාධිපතිවරයා පැවසීය.

එම අවස්ථාවට සහභාගී වූ සර්බියාවේ චීන තානාපති චෙන් බාඕ මහතා පැවසුවේ අවසන් ජයග්‍රහණයක් කරා සර්බියානු මිතුරන් සමඟ එක්ව වසංගතයට එරෙහිව සටන් කරන බවයි.

එක්ව ශක්තිමත්ව සිටින්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති