තම රටෙහි විශාලතම කොරානා මූලාශ්‍රය ඇමරිකාව බව ඔස්ට්‍රේලියානු අගමැති කියයි

2020-03-22 17:31:24
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඔස්ට්‍රේලියාව තුළ නව කොරොනා නියුමෝනියාව වැළඳුනු රෝගීන්ගේ විශාලතම මූලාශ්‍රය ඇමරිකාව බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මහතා පවසයි.

ගෙවී ගිය සතිය තුළ, ඔස්ට්‍රේලියාවේ කොරොනා වසංගත තත්ත්වය උග්‍ර වෙමින් පැවතිණ. ‍විදේශ රටවලින් පැමිණෙන ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම හා එරට ජනතාවගෙන් වාර්තා වී ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ම, ඔස්ට්‍රේලියවේ නව කොරොනා නියුමෝනියාව බවට තහවුරු වී ඇති සංඛ්‍යාව දෛනික ව සියයකින් වැඩි වී ඇත. මේ වන විට, එහි ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව දහසකට අධික ය. Morrison ආණ්ඩුව දිනපතා ම වසංගත පාලනයේ නව ක්‍රියාමාර්ග නිකුත් කරයි.

Morrison අග්‍රාමාත්‍යවරයා පසුගිය 20වැනි දා උදෑසන, එරට 2GB ගුවන් විදුලිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී තම රටේදී නව කොරොනා නියුමෝනියාව බවට තහවුරු වී ඇති ආසාදිතයින් අතර බොහෝ රෝගීන් ඇමරිකාවෙන් පැමිණි අය බව ප්‍රකාශ කළේ ය.

මේ අතර, ඇමරිකාවට නව කොරොනා වෛරසය කෙරෙහි ප්‍රමාණවත් පරීක්ෂා සිදු කිරීමට නොහැකි වූ බව වාර්තා වෙයි. එය, ඇමරිකාව තුළ, ආසාදිතයින්ගේ සැබෑ සංඛ්‍යාව නිකුත් කර ඇති සංඛ්‍යාවට වඩා සෑහෙන වැඩි වීමේ පිළිබිඹු වීමකි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති