COVID-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා, චීනය සහ ජපානය අතර සම්බන්ධීකරණය ඉහළ නැංවිය යුතු බව,චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි

2020-02-27 10:01:38
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

COVID-19 වසංගතය පැතිරීම වැළැක්වීම හා කලාපයේ මහජන සෞඛ්‍ය ඵලදායී ලෙස ආරක්ෂා කිරීම සඳහා, චීනය සහ ජපානය අතර සම්බන්ධීකරණය ඉහළ නැංවිය යුතු බව,චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය මණ්ඩල සභික වාන්ග් යී මහතා පවසයි.

ජපාන විදේශ ඇමති ToshimitsuMotegi සමඟ බදාදා (26) පැවති දුරකතන සංවාදයකදී, හෙතෙම මේ බව අවධාරණය කළේය.

එහිදී, වාන්ග් යී මහතා කියා සිටියේ, බහුපාර්ශ්වික රාමුව තුළ මහජන සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග, දෙරටම සක්‍රීයව ගවේෂණය කළ යුතු බවයි.

කොරොනා වෛරස් වසංගතය පැතිරීම ඵලදායී ලෙස පාලනය කිරීමේ හැකියාව ජපානයට ඇති බව, තමා විශ්වාස කරන බවත්, නියමිත පරිදි ටෝකියෝ ඔලිම්පික් උළෙල සාර්ථකව පැවැත්වීමට ප්‍රාර්ථනා කරන බවත්, WangYi මහතා පැවසීය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති