කෙ‍රොනා වෛරසයෙන් චීනය හා දකුණු කොරියාව එක්ව මුහුණ දිය යුතු බව චීන රාජ්‍ය මණ්ඩල සාමාජික විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි

2020-02-27 09:47:16
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කෙ‍රොනා වෛරසයෙන් ද්විපාර්ශ්වික හුවමාරු මෙන්ම ආර්ථික හා වෙළඳ සහයෝගතාවන්ට එල්ලවන බලපෑම අවම කිරීමට චීනය හා දකුණු කොරියාව එක්ව පියවර ගත යුතු බව චීන රාජ්‍ය මණ්ඩල සාමාජික විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි. දකුණු කොරියා විදේශ අමාත්‍යවරයා සමග දුරකථන සාකච්ඡාවක දී චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ‍වසංගත වැළැක්වීමේ හා පාලන කාර්යක්ෂම පදනමේ සිට දෙරට ඉන් බලපෑමට ලක්වන කර්මාන්ත හා ව්‍යවසායයන් වෙනුවෙන් සහය විය යුතු බවයි. කර්මාන්ත සැපයුම් හා සැපයුම් දාමයන්හී ස්ථාවරත්වය පවත්වා ගනිමින් ද්විපාර්ශ්වික ප්‍රායෝගික සහයෝගතා ඉදිරියට ගෙන යා යුතු බවද හෙතෙම කීය. මේ දක්වා කො‍රොනා ආසාදිතයන් 1261 දෙනෙක් දකුණු කොරියාවෙන් වාර්තා වී තිබේ. මිය ගිය ගණන 12කි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති