අප්‍රිකා සංගම් නායක සමුළුවට චීන ජනපතිගෙන් සුභ පැතුම්

2020-02-09 19:27:41
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපතිවරයා අප්‍රිකා සංගම් 33වැනි නායක සමුළුව වෙත සුභ පැතුම් පිරිනමයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (9) ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවරදී ආරම්භ වූ අප්‍රිකා සංගම් 33වැනි නායක සමුළුව වෙත සුභ පැතුම් පිරිනැමීය.

වත්මන් චීන-අප්‍රිකා සබඳතා ඓතිහාසික වැදගත්ම අදියරේ පවතින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. චීන අප්‍රිකා සහයෝගිතා සාකච්ඡා බෙයිජිං නායක සමුළුවේ එළඹුණු ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම ද්විපාර්ශ්වික ප්‍රායෝගික සහයෝගීතාවන්ට නව ප්‍රාණවත් ශක්තියක් ලබා දී තිබෙන බව හෙතෙම එහිදී පැවසීය. අප්‍රිකා සංවර්ධනය හා පුනර්ජීවනයට වඩා විශාල කාර්යභාරයක් ඉටු කරමින් චීන-අප්‍රිකා ජනතාවට සුභ සෙත සැලසීම සඳහා“එක් තීරයක් එක් මාවතක්”පොදුවේ සංවර්ධනය කඩිනමින් ඉදිරියට ගෙන යාමට චීනය කටයුතු කරනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති