කොරොනා වසංගතය පරාජය කිරීමට ශක්මත් සහයෝගිතාව, විනිවිදභාවය, දත්ත හුවමාරුව හා නිවරැදි උපදෙස් වැදගත්

2020-02-09 16:23:36
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව කොරොනා වෛරස් වසංගතය පරාජය කිරීමේදී ශක්මත් සහයෝගිතාව, විනිවිදභාවය, දත්ත හුවමාරුව හා නිවරැදි උපදෙස් ප්‍රමුඛ කරගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා මේ බව ප්‍රකාශ කළේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී ඊයේ(08) අවසන් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලයේ 146 වැනි සැසියේ සමාප්ති උත්සවයට සහභාගි වෙමිනි.

නව කොරොනා වෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලය හා විවිධ රටවල පාර්ශ්වකරුවන් මේ සතියේ සූදානම් මනසකින් කටයුතු කිරීම වැදගත් බව ඔහු පැවසීය.

මේ තීරණාත්මක අවස්ථාවේ ලෝකයට වැදගත් පණිවුඩයක් ලබාදී ධනාත්මක අවසානයක් සඳහා කටයුතු කළ සියලු දෙනාටම ඔහු සිය ස්තුතිය පළ කළේය.

ඔහු පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරොනා වසංගතය පිළිබඳව නොකඩාවම නවතම තොරතුරු සම්පාදනය කරමින් වසංගතය මර්දනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලැබූ සාමාජිකයින් 34 දෙනෙකුගෙන් සමන්විතයි.

ලෝක සෞඛ්‍ය සභාවට ප්‍රතිපත්ති හා තීන්දු සම්පාදනය කරමින් එළබෙන ලෝක සෞඛ්‍ය සභාවේ න්‍යාය පත්‍රය පිළියෙළ කිරීම එම විධායක මණ්ඩලයට පැවරෙන වගකීමයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති