ඕමානයේ Qaboos Bin Said සුල්තාන් වරයාගේ අභාවය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ශෝක පණිවුඩයක් නිකුත් කරයි

2020-01-13 18:43:14
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඕමානයේ රාජ්‍ය නායක Qaboos Bin Said සුල්තාන් වරයාගේ අභාවය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(12) එරට නව සුල්තාන් Haitham bin Tariq al-Said මහතා වෙත ශෝක පණිවුඩයක් යොමු කළේ ය.

සිය පණිවුඩයේ ෂී ජින් පිං මහතා චීන රජය හා චීන ජනතාව නියෝජනය කරමින් මෙන් ම සිය නාමයෙන් ද Qaboos Bin Said සුල්තාන් වරයාගේ අභාවය පිළිබඳව සංවේදීව ශෝකය පළ කර ඇති අතර ඔහුගේ ඥාතීන් හා ඕමාන ජනතාව වෙත හෘදයාංගම ශෝකය පළ කර තිබේ.

ෂී ජින් පිං මහතා පවසන්නේ Qaboos Bin Said සුල්තාන් වරයා ඕමානයේ විශිෂ්ට රාජ්‍ය නායකයෙකු බවයි. ඔහු සිය රටේ සංවර්ධනයට හා මැද පෙරදිග බොක්ක කලාපයේ සාමය හා ස්ථාවරත්වය සඳහා වැදගත් දායකත්වයක් ලබා දී තිබේ. Qaboos Bin Said සුල්තාන් වරයා චීන ජනතාවගේ පැරණි මිත්‍රයෙකු වූ අතර චීන-ඕමාන උපායමාර්ගික හවුල්කාරී සබඳතාව වර්ධනය කිරීමට ද ඔහු කැපවීමෙන් දායක වූ බව ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය ශෝක පණිවුඩයේ සඳහන් කළේ ය.

මේ අතර, ෂී ජින් පිං මහතා ඊයේ(12) ඕමානයේ නව සුල්තාන් Haitham bin Tariq al-Said මහතා වෙත සුභ පැතුම් පිරිනැමීය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති