යුක්‍රේන ගුවන් යානය වෙඩි තබා බිම හෙළු බව ඉරානය පිළිගනී

2020-01-11 16:03:28
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අපේක්ෂා නොකළ ආකාරයට යුක්රේන ගුවන් යානය ‍ වෙඩි තබා බිම හෙළීමට සිදු වූ බව ඉරානය පවසයි.

ඉරාන හමුදාව උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ එම යානය සතුරු යානයක් ලෙස ඉරාන හමුදාව වැරදි ලෙස හඳුනාගෙන ඇති බවයි.

අතිශයින් අවාසනාවන්ත මෙම සිද්ධිය පිළිබඳව දැඩිව කණගාටු වන බව ඉරාන ජනාධිපති හසන් රොහානි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

එසේම ඔහු මියගිය පිරිස හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙත දැඩි කනස්සල්ල පළ කර ඇත.

ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් ෂරීෆ් මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ ඇමරිකාව නිර්මාණය කළ අවධානම් තත්වය හමුවේ මානව වැරදීමකින් මෙම විපත සිදුව ඇති බවයි.

ගුවන් යානය වෙඩි තබා බිම හෙළන අවස්ථාවේ එහි මගීන් 167 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් ගමන් ගත් අතර ඉන් සියලු දෙනාම මිය ගියහ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති