ඇමරිකාවේ විරුද්ධත්වය නොතකා කාන්තා අයිතිවාසිකම් ප්‍රකාශනය සම්මත වේ

2019-12-01 15:32:54
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

එක්සත් ජාතීන්ගේ ආසියානු හා ශාන්තිකර කාන්තා අයිතිවාසිකම් විමර්ශන සමුළුව 37: 1 ක ඡන්ද විමසීමකින් ප්‍රකාශනයක් සම්මත කරයි.

එම සමුළුව පසුගිය 29වැනිදා තායිලන්තයේ බැංකොක් හිදී පැවැත්විණ. සමුළුව “බෙයිජිං ප්‍රකාශනයේ 25 වන සංවත්සරය - ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආසියානු හා ශාන්තිකර අමාත්‍ය ප්‍රකාශනය”සම්මත කළේය. එහිදී ඇමරිකාවේ එකම විරුද්ධ ඡන්දය ප්‍රතික්ෂේප කෙරිණ.

මෙම සමුළුව ලබන වසරේ බෙයිජිංහි පැවැත්වෙන ලෝක කාන්තා සම්මේලනයේ 25 වන සංවත්සරය සැමරීම සඳහා ආසියානු හා ශාන්තිකර කලාපයේ රටවල් විසින් පවත්වනු ලබන කලාපීය සූදානම් කිරීමේ සමුළුවකි. එය කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ ප්‍රගතිය පිළිබඳ කලාපීය සමාලෝචනයක් ද වේ.

එම“ප්‍රකාශනය”යනු ඒ ඒ පාර්ශවයන් අතර දුෂ්කර සාකච්ඡා වලින් පසුව ඇති වූ සම්මුතීන්ගේ ප්‍රතිඵලයකි. එම ප්‍රකාශනයේ“කාන්තා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සහ නිදහසට ගරු කිරීම”යන කරුණු ඇමරිකාවේ ගබ්සා-විරෝධී ප්‍රතිපත්තියට පටහැනි වීම හේතුවෙන්, එම සමුළුව ඒකමතිකව ප්‍රකාශනය සම්මත කිරීමට ඇමරිකාව විරුද්ධ විය.

පසුව ඊට එක් වූ විවිධ පාර්ශ්වයන්ගේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය පිළි ගත්හ. ඇමරිකාව හුදෙකලා වී ඇති අතර එය පුළුල් ලෙස විවේචනයට ලක්ව ඇත. ඇමරිකානු සගයන් වන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පවා ඇමරිකාවේ ස්ථාවරය පිළිබඳව බලාපොරොත්තු සුන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබේ. චීනයේ නියෝජිතයා එහිදී බහුපාර්ශ්වීයත්වය පිළිපැදිය යුතු යැයි ඉල්ලා සිටියේය. ඔහු ඒකපාර්ශ්වවාදයේ නිරත වන යම් රටක් “ආපසු වෙරළට හැරෙන්න”යනුවෙන් ඉල්ලීමක් ද කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති