බ්‍රිතාන්‍යයේ ට්‍රක්රථයක මියගිය පුද්ගලයන් 39 දෙනා වියට්නාම ජාතිකයන් බවට තහවුරු කෙරේ

2019-11-08 10:33:23
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

බ්‍රිතාන්‍යයේ ට්‍රක්රථයක මියගිය පුද්ගලයන් 39 දෙනා වියට්නාම ජාතිකයන් බව වියට්නාම මහජන ආරක්ෂක අමාත්‍යංශය ඊයේ(7) නිවේදනයක් නික්තු කරමින් ප්‍රකාශ කළේ ය. එම අමාත්‍යංශය සිය වෙබ් අඩිවියේ නිතුක් කළ අදාළ නිවේදනය අනුව පසුගිය 23 වනදා බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රා‍න්තයේ සොයාගෙන ඇති සියළු මළ සිරුරු වියට්නාම ජාතිකයන් බවට වියට්නාම මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ බ්‍රිතාන්‍ය පොලීසිය තහවුරු ‍කර ඇත.

මේ සම්බන්ධයෙන් වියට්නාමයේ අග්‍රාමාත්‍ය Nguyễn Xuân Phúc මහතා රජය වෙනුවෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට කණගාටුව පළ කළ බව වියට්නාම මාධ්‍ය වාර්තා ඇත. සිය රටේ අදාළ අමාත්‍යංශ හා පළාත්වල බ්‍රිතාන්‍යය සමඟ සහයෝගතා පවත්වා මියගිය පුද්ගලයන්ගේ දේහයන් හැකි ඉක්මනින් මව් රටට ගෙන ඒමට හෙතෙම උපදෙස් ලබා දූන්නේ ය. මිනිස් ජාවාරම් හා නීති විරෝධිව සංක්‍රමණික කටයුතු සංවිධානය කිරීම යන අපරාධ ක්‍රියා වියට්නාම රජය දැඩි ලෙස හෙළා දකින බව හෙතෙම ප්‍රකාශකළේ ය. සහයෝගතා ශක්තිමත් කරමින් ඒ වැනි අපරාධවලට දැඩි දඩුවම් ලබා දෙන ලෙස හෙතෙම ප්‍රාදේශීය හා ලෝකයේ ඒ ඒ රටවල්වලින් ඉල්ලීමක් කර ඇත. එම සිද්ධියේ විමර්ෂණ, අධිචෝදනා හා නඩු විභාගය යන කටයුතු හැකි ඉක්මනින් අවසන් කර අපරාධකරුවන්ට දැඩ ලෙස දඬුවම් ලබා දෙනු ඇති බවද වියට්නාම අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති