චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ ඒකාබද්ධ සමුළුවක් පාකිස්ථානයේදී

2019-11-06 19:33:11
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ ඒකාබද්ධ සහයෝගතා කමිටු 9වැනි සමුළුව අදාළ ව්‍යාපෘතිවල චීනයේ යුවාන් මුදල් ඒකකයෙන් මුල්‍යකරණය කිරීම ප්‍රවර්ධනය කරයි.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ ඒකාබද්ධ සහයෝගතා කමිටු 9වැනි සමුළුව ඊයේ (5) පාකිස්ථානයේ ඉස්ලාමාබද් අගනුවරදී පැවැත්විණ. චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ අදාළ ව්‍යාපෘතිවල බැංකුකරණ ගැටළු විසඳීමට චීන පාකිස්ථාන දෙපාර්ශ්වය එම සමුළුවේදී යුවාන් මුදල් ඒකකයෙන් මුල්‍යකරණය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළේය.

චීන පාකිස්ථාන පොදු උත්සාහයෙන් ආර්ථික කොරිඩෝව කෙටි කාලයක් තුළ කැපී පෙනන ප්‍රතිඵල ලබා ගෙන තිබෙන බව චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ ඒකාබද්ධ සහයෝගතා කමිටුවේ චීන පාර්ශ්වයේ සභාපති, ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ උප අධ්‍යක්ෂ Ning Ji ze මහතා එම සමු‍වේදී පෙන්වා දුන්නේය. චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පසුගිය මාසයේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය Imran Khan මහතා බෙයිජිංහිදී හමුවිය. අග්‍රාමාත්‍යවරු දෙදෙනා දෙරටේ ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිවල යුවන් මුදල් ඒකකයෙන් බැංකු කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් වැදගත් එකඟතාවන්ට එළඹුණහ. කොරිඩෝවේ අදාළ ව්‍යාපෘතිවල බැංකුකරණ ගැටළු විසඳීමට ක්‍රියාත්මක කළ හැකි මාර්ගයක් එමඟින් සපයා තිබෙන බව Ning Ji ze මහතා පැවසීය.

සමුළුවෙන් අනතුරුව චීන පාකිස්ථාන දෙපාර්ශ්වය සෞභාග්‍යය, යෞවන හුවමාරු හා Gwardar වරාය සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගතා ගිවිසුම් තුනකට අත්සන් තැබූහ. ආර්ථික කොරිඩෝවේ විශාලතම ප්‍රවාහන යටිතල පහසුකම් ව්‍යාපෘතිය වන Peshawar නගරයේ සිට Karachi නගරය දක්වා දිවෙන“Sukkur-Multan අධිවේගී මාර්ගයේ”සමාප්ති උත්සවය ද එහිදී පැවැත්විණ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති