ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දෝෂාභියෝග විමර්ශනයට සහයෝගය දෙන ලෙසට ඇමරිකා ‍කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක්

2019-10-09 15:52:46
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දෝෂාභියෝග විමර්ශනයට සහයෝගය දෙන ලෙස ඇමරිකා ‍කොංග්‍රස් මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ දෝෂාභියෝග විමර්ශනයට සහයෝගය දීම සඳහා, ජනාධිපති ට්‍රම්ප්ගේ “දුරකථන සංවාද” සිද්ධියට අදාළ ලියවිලි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් කොංග්‍රස් මණ්ඩලය පසුගිය 7 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයට, පරිපාලන කළමනාකරණ හා අයවැය දෙපාර්තමේන්තුවට පිළිවෙළින් සිතාසි නිකුත් කළේය.

ඇමරිකානු බුද්ධි කමිටුව හා විදේශ කටයුතු කමිටුව, අධීක්ෂණ හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට එම සිතාසි දෙක නිකුත් කර තිබේ. ධවල මන්දිරය යුක්රේනයට යුධමය ආධාර අත්හිටුවීමට හේතු සමාලෝචනය කිරීම සඳහා එළඹෙන15 වැනිදාට පෙර අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙස කොංග්‍රස් මණ්ඩලය ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පරිපාලන කළමනාකරණ හා අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති